Colombo Today Local News

VAT 15% දක්වා වැඩිවීම එලෙසමයි.. පනත සංශෝධනයෙන් වෙනසක් නෑ !

vat-2232

එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද 15% දක්වා වැඩි කිරීම එලෙසම තබා ගනිමින් වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතට ඊයේ (13දා) කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.මෙම නව සංශෝධිත පනත් කෙටුම්පත මගින් රු.මිලියන 12ක වාර්ෂික පිරිවැටුපක් හිමි තොග සහ සිල්ලර වෙළඳ ආයතන සඳහා යෝජනා වූ වැට් බද්ද අය කිරීම රු.මිලියන 50 ක වාර්ෂික පිරිවැටුම දක්වා වැඩි කරමට ද තීරණය වී තිබේ. ඒ අනුව සුළු ව්‍යාපාරිකයාට වැට් සහනයක් හිමිවනු ඇත.

එමෙන්ම, රෝහල් ගාස්තු, වෛද්‍ය ගාස්තු, පරීක්ෂණ ගාස්තු හා ඖෂධ නිකුත් කිරීම වැනි සෞඛ්‍ය සේවාවන් සඳහා යෝජනා වී අය කෙරුණු වැට් බද්ද ඇතුළත් නොකර පෙර පරිදි පවත්වාගෙන යෑමට ද මෙම වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතෙන් තීරණය කර ඇති බවද කියැවෙයි. කෙසේ වෙතත්, 11% ක්ව පැවති වැට් බද්ද 15% දක්වා වැඩි කිරීම එලෙසම තබා ගැනීමටද මෙම නව සංශෝධන පටන් කෙටුම්පතෙන් සිදුවනු ඇත.

මීට පෙර මෙම පනත පාර්ලිමේන්තුවට රැගෙන ආ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එය බල ශුන්‍ය බවට තීන්දු කළේය. එම තීන්දුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දන්වන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 වැනි වගන්තියට අනුව බදු පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකිවන්නේ එය කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති විට පමණි.

එසේ අනුමැතිය ලැබී ඇති බවට පනත් කටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේදී අදාළ අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතු බව ස්ථාවර නියෝග 133 හි දක්වා තිබේ. කෙසේ වෙතත්, පසුගිය වර පනත බල ශූන්‍ය වූයේ මෙම ක්‍රමවේදය අනුගමනය නොකළ නිසාය. ඒ අනුව, එම වරද නිවැරදි කරමින් මූලිකව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත.

– අද

 

Related posts

“දේශපාලන බලයට, අල්ලසට පොලිසිය යටවූ කාලය ඉවරයි“ – පොලිස්පති

colombotoday

වසරේ මේ දක්වා කාලය තුළ වන අලි 400ක් මිය ගිහින්

Admin

මම අමාත්‍යාංශ වල විෂයන් බෙදා අවසන්

Admin

ආණ්ඩුවෙ ඉන්නවා ප්‍රභාකරන් ආණ්ඩු හැදුවත් ඒකට රිංගලා ඇමැති කටු අරන් ලෙව කකා ඉන්න පිරිසක් – පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස

colombotoday

ශ්‍රී ලංකා පොලිසියට විශ්වවිද්‍යාල උපාධි පාඨමාලාවක් හඳුන්වාදීමේ අවබෝධතා ගිවිසුමට ඇමති ටිරාන් අලස් අත්සන් තබයි

Admin

ලාංකික සිසුන් අරන් එන්න ගිය ශ්‍රී ලංකන් යානය වූහාන් වෙත ළගාවෙයි !

colombotoday