Colombo Today Local News

ගංගා රැසක් පිටාර මට්ටමේ.. දිස්ත්‍රික්ක 8ක යාමේ අවදානමක්

දිවයින පුරා පවතින අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් නිල්වලා‌ ගඟ සහ කැලණි ගඟ ආශ්‍රිත පහත් බිම්වලට ගංවතුර අවදානමක් උද්ගතවී ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

ගිං ගඟේ ඉහළ ජලාධාර ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ ඇති වූ වැසි තත්ත්වය හේතුවෙන් ගිං ගඟේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කරයි.

එමෙන් ම වයඹ, බස්නාහිර සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වය තවදුරට ත් බලාපොරොත්තු විය හැකි බව ඔහු පවසයි.

අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 8 කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නාය යාමේ අවදානම් නිවේදන නිකුත් කර තිබේ.

මේ අතර, අද (මැයි 31) සහ ඉදිරි දින කිහිපයේදී දිවයිනේ පවතින වැසි සහ සුළං තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපොර්තමේන්තුව පවසයි.

Related posts

මහනුවර ඇසළ මහා පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද

colombotoday

සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය මුස්ලිම් පාතාලයට සම්බන්ධයි

colombotoday

ඖෂධ වර්ග 60 ක මිල යලි ඉහළට

colombotoday

කෝටි අටක කුඩු සමග පාකස්ථානුවා දැලේ

colombotoday

යුද හමු­දාව මුද්‍රණය කළ පළමු රියැ­දුරු බල­ප­ත හමු­දා­ප­තිට බාර ­දෙයි

colombotoday

ජාතික පද්ධතියට නව විදුලි ධාරිතාවක් එක්වන උමා ඔය ව්‍යාපෘතිය අවසන් අදියරේ…

Admin