අමාත්‍යංශවල විෂය පථ සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාළ ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබ ඇත.
ඒ අනුව, විවිධ අමාත්‍යවරුන් භාරයේ පවත්නා විෂයයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතන එහි සඳහන් කර තිබේ.
එමෙන් ම, යම් අමාත්‍යවරයෙකුට නිශ්චිතව පවරනු නොලැබූ සියලු ම විෂයයන්, කාර්යයයන් හා දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා ව්‍යස්ථාපිත ආයතන තවදුරට ත් ජනාධිපතිවරයා භාරයේ පවතින බව අදාළ ගැසට් පත්‍රයේ වැඩිදුරට ත් දක්වා ඇත.