Colombo Today Local News

බැප්ස්ටියන් මාවතේ වෙඩි තබා මාරා දැමූ එප්පාවල තරුණයාගේ විස්තරය මෙන්න. – රැකියාවේ ආරවුල ගැන සොහොයුරා හෙළිකරයි.

පිටකොටුව, බැස්ටියන් මාවත බස් නැවතුම්පොල ආසන්නයේ අද (30) උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ අංක 285, කැලේදිවුල්වැව, මහඉලුප්පල්ලම ප්‍රදේශයේ පදිංචි ලක්ෂිත විරාජ් ලියනගේ නම් 30 හැවිරිදි අවිවාහක තරුණයෙකි.

පිටකොටුව, බැස්ටියන් මාවත බස් නැවතුම්පොල ආසන්නයේ අද (30) උදෑසන යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම සිදුකර ඇත.
තිදෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වූ ලක්ෂිත විරාජ් මීට පෙර කමාන්ඩෝ සෙබලකු ලෙස සේවය කර නීත්‍යාණූකූළව සේවයෙන් ඉවත්වී කොළඹ ප්‍රදේශයේ සුපිරි අවන්හලක සේවය කර ඇත.එහිදී වැටුප් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ඔහු ඝාතනය කරන්නට ඇතැයි සැක කරන බව පවුලේ ඥාතීන් පවසයි.

අදාළ වැටපු ආරවුල සම්බන්ධයෙන් ලක්ෂිත විරාජ් හා අදාළ අවන්හලේ සේවකයින් පිරිසක් වෙත කුරුඳුවත්ත පොලීසිය මගින් නඩු පවරා ඇති අතර, අදාළ නඩුවට පෙනී සිටිමට ගොස් නැවත එමින් සිටියදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ලක්ෂිතවිරාජ් ජීවිතක්ෂයට පත්ව ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලක්ෂිත විරාජ්ගේ වැඩිමල් සොයුරා වන සමීර දිනේෂ් මහතා,

මේ මිය ගිහින් ඉන්නේ මගේ බාල සහෝදරයා, එයා කොළඹ පුද්ගලික ආයතනයක රැකියාවක් කළා, ඒ රැකියාවේදී එයා ඇතුළු සේවකයෝ 04 -05 දෙනෙකුට වැටුප් ගෙවලා තිබ්බේ නෑ, නැවත පඩි ගෙවන්න එන්න කියලා දැනුම් දීලා තිබ්බා.එදා එතනදී ආරවුලක් වෙලා කුරුඳුවත්ත පොලීසිය නඩු පවරලා තිබ්බා මගේ සහෝදරයා ඇතුළු පිරිසකට අයුතු ඇතුළු වී අනර්තයක් කළා කියලා.ඒ නිසා පුද්ගලික ආරවුලක් තිබුණා, ඒ සිද්ධිය නිසා සිදු වූ දෙයක් කියලා තමයි මම හිතන්නේ.

එයා මීට පෙර යුධ හමුදා කමාන්ඩෝ සෙබලකු ලෙස සේවය කරලා නීත්‍යාණූකූලව ඉවත් වෙලා හිටියේ, ඒ අතරතුර ග‌මේ වෙන ප්‍රශ්න තිබුණේ නෑ, ඔය සිදුවීම පමණයි තිබුණේ.

අද (30 උදේ 02.00 ට පමණ තමයි නිවසින් ගියේ නඩු කටයුත්තට සහභාගී වෙන්න බස් රථයෙන්, නඩු කටයුත්ත ඉවර වෙලා එද්දී තමයි ඔය සිද්ධිය සිදු වෙන්නේ..තර්ජන ගර්ජන තියෙන බවක් නම් අපිට දැනුම් දුන්නේ නෑ.කොළඹට යන්නේ නෑ, ඔය සේවා ආයතනයේ කටයුතු වලට තමා ගියේ, මේ ගමේ ප්‍රශ්න තිබුණෙත් නෑ, කොළඹ රැකියාවේ ගැටලුවෙන් පස්සේ මහඉලුප්පල්ලම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනක සේවය කරමින් තමයි හිටියේ යැයි පැවසීය.

තිසර සමල් – අනුරාධපුර

Related posts

තෙල් පෝලිමක ගැටුමකින් සරසවි සිසුවෙක් මිය යයි

colombotoday

ගිලන්රථ සේවාව බිසි. කොරෝනා ආසාදිතයා පීසීආර් කරගන්න කි.මී. 20ක් පයින්ම රෝහලට ගිහින්

colombotoday

මිනුවන්ගොඩ ඝාතනයට අදාළව තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

නිදහස් සමරුව වෙනුවෙන් ‘සංහිදියා‘ නෝට්ටුවක් නිකුත් කරයි

colombotoday

රජයේ වෙබ් අඩවි 4 කට සයිබර් ප්‍රහාරයක්

colombotoday

ජනපතිගේ සමීපතමයෙක් සිරස මුල් පුටුවට !

colombotoday