Colombo Today Local News

ගොවීන්ට පොහොර ගන්න වවුචර් පතක්

ලබන මහ කන්නයේ සිට පොහොර ලබා ගැනීම සඳහා ගොවීන්ට වව්චර් ක්‍රමයක් හඳුන්වා දීමට අගමැති රනිල් වික්‍රමසිංහ විසින් පත් කරන ලද කෘෂිකර්ම කමිටුව නිර්දේශ කර තිබේ.

මෙම නිර්දේශය කර ඇත්තේ රජය මැදිහත් වී පොහොර ආනයනය කිරීමේ දී පවතින ගැටලු සහගත තත්ත්වයන් සලකා බලමිනි.

එම වව්චරයට අනුව ගොවීන්ට අවශ්‍ය නම් රසායනික පොහොර හෝ කාබනික පොහොර සමාගම්වලින් මිලදී ගැනීමට පහසුකම් සැලසේ. ලබන මහ කන්නයේ සිට හෝ මෙම ක්‍රමය ක්‍රියාත්මක කළ හැකි නම් වඩාත් යෝග්‍ය බව කමිටුවේ අදහස වී තිබේ.

හෙක්ටයාර පන්ලක්ෂයක් පමණ වන වගා කළ හැකි කුඹුරු ඉඩම් ප්‍රමාණයෙන් මෙම යල කන්නයේ වගා කෙරෙන්නේ හෙක්ටයාර දෙකක පමණ ප්‍රමාණයක් බවට කමිටුව හඳුනාගෙන ඇත. රසායනික පොහොර හිඟකම එම තත්ත්වයට බලපා තිබේ.

පසුගිය යල කන්නයේ දී වී මෙට්‍රික් ටොන් විසි ලක්ෂයක අස්වැන්නක් ලබා ගත්ත ද මෙවර එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ දහයටත් අඩු වන තත්ත්වයක් පවතින බව රුහුණ විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ මහාචාර්ය අරුණ කුමාර පවසයි. මෙවර යල කන්නයේ අස්වැන්න මාස තුනක කාලයක් පරිභෝජනය කිරීම සඳහාවත් ප්‍රමාණවත් නොවනු ඇත යන්න සිය අදහස බවත් මහාචාර්යවරයා කීවේය.

Related posts

බුද්ධි අංශ පාවාදෙන තේරීම් කාරක සභාව නිසා ජනපති – අගමැති ගැටුම උග්‍ර වෙයි

colombotoday

මෙරට හමුදාව සිවිල් කටයුතු සඳහා අනවශ්‍ය මැදිහත්වීමක් සිදුකර නැහැ

colombotoday

මහනුවර ඇසළ පෙරහැරට සිව් මහාදේවාලවල කප් සිටුවයි

Admin

ජනපති රනිල් ඉන්දීය රුපියලෙන් වැඩ ගන්න ‍යයි

Admin

කොළඹ – යාපනය අභ්‍යන්තර ගුවන් ගමන් සේවා යළි ඇරඹීමට පියවර

colombotoday

විමල් වරදක් නිවැරදි කරයි… නාම පුවරුවේ සිංහල මුල් තැනට !

colombotoday