වෘත්තීය සමිති 13 කට අයත් වනජීවි නිලධාරීන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කළ , සංඛේත වැඩ වර්ජනය අද අවසන් කෙරෙන බව සමස්ත ලංකා ඒකාබද්ධ වන ජීවි නිලධාරීන්ගේ සංගමය පවසයි.
ඔවුන් ඊයේ පෙරවරු 8 සිට සංකේත වැඩ වර්ජනයක නිරත වන්නේ පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය ඇතුළු ස්වභාවික සම්පත් සුරකින්නැයි රජයට බල කරමිනි.
වැඩ වර්ජනය හේතුවෙන් ජාතික වනෝද්‍යානවල රාජකාරි බොහොමයක් ඊයේ සිදුනොවීය.
ප්‍රවේශ පත්‍ර කවුලු වසා තිබූ අතර නරඹන්නන්ට ආපසු හැරී යාමට සිදුවිය.