Colombo Today Local News

විල්ගමුවේදී බවුසරයක් පෙරලෙයි. කාණුවලත් තෙල්

ලග්ගල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ විල්ගමුව නගරයට ආසන්න එලෝනාකන්ද ප්‍රදේශයේදී අද (26) උදෑසන ඩීසල් රැගත් බවුසරයක් පෙරළී ගොස් තිබේ.

අනතුරින් තුවාල ලැබූ රියැදුරු සහ රිය සහයක හෙට්ටිපොළ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

අදාළ බවුසරයෙන් මේ වන විට ඉන්ධන කාන්දුවෙමින් ඇතැයි, ද පොලිසීය පවසයි.

දැඩි බෑවුමක් සහිත වංගුවකදී රියැදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අධිබලැති විදුලි රැහැන් කණුවක ගැටී බවුසර පෙරළී ඇති බව වාර්තාවේ.

එම කණුව ද කැඩී රථය මතට වැටී ඇත.

Related posts

2020 තීන්දුව කණපිට ගසා මීලග ඡන්දෙන් ජනතාව අපට දරුණු තීන්දුවක් දෙන්න ඉඩ තිබෙනවා – විදුර

colombotoday

අස්වැසුම දෙවන අදියර ආරම්භ වේ.

Admin

ජනපති කැඳ වූ සර්ව පාක්ෂික හමුව අද

Admin

කබ්රාල් ඉල්ලා අස්වෙයි

colombotoday

හරක් කටාගේ ටෙලිෆෝන් බැලුවොත් පොලිසියේ රාජකාරි මට්ටම පෙනෙයි

Admin

සිරිලිය සවියේ ඩිෆොන්ඩරය තාජුඩීන් ඝාතන නඩුවේ නඩු භාණ්ඩයක් කරයි…

colombotoday