Colombo Today Local News

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන හෙට විශේෂ සාකච්ඡාවක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (27)දින පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ, අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙනි.

එහිදී 21 වැනි සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පක්ෂ නායකයින්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමට නියමිත බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

එලෙස ලබාගන්නා අදහස් හා යෝජනා ඉදිරි සතියේ කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට නියමිත බව ද අධිකරණ අමාත්‍යවරයා සඳහන් කරයි.

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ණය

colombotoday

ජනවාරි මස පළමු වනදා සිට සිනමා ශාලා විවෘත වේ.

colombotoday

පොහොර සහනාධාරය අහෝසි කර මුදල් ලබාදීමේ තීන්දුවට කැබිනට් අනුමැතිය

colombotoday

මාතලේ – මහනුවර දුම්රිය මාර්ගය ලබන 18 සිට වැසේ

Admin

සියළුම බස් ගාස්තු ඊයේ රාත්‍රියේ සිට වැඩවුණු හැටි මෙන්න

colombotoday

කොරෝනා ආසාදනය වු බවට සැක අකුරණ මුස්ලිම් ජාතිකයෙකු IDH රෝහලට

colombotoday