Colombo Today Local News

එක රටක නීති දෙකක් ! මුස්ලිම් ළමා විවාහවලට මවක් වශයෙන් මා එකග නෑ – ළමා කටයුතු ඇමතිනිය

chandrani bandara6

මුස්ලිම් ප්‍රජාව තුළ සිදු වන ළමා විවාහවලට මවක වශයෙන් තමා එකඟ නොවන බව ළමා සහ කාන්තා කටයුතු පිළිබඳ ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර පවසයි.

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතට අනුව අවුරුදු දහඅටට අඩු මුස්ලිම් තරුණ තරුණියන්ට විවාහවීමට අවසර ලබාදීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පසුගියදා පැවති වැඩමුළුවකදී අවධානය පල කර තිබුණි.

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතියට අනුව වයස අවුරුදු දහඅටට අඩුවෙන් ළමුන් විවාහ වීම නීතිවිරෝධී වන නමුත් මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතට අනුව මුස්ලිම් ප්‍රජාවට එම නීතිය බලනොපැවැත්වේ.

අදාළ ගැටලුව සම්බන්ධයෙන් අවධානය පළකිරීම පිළිබඳව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරුන්ට ප්‍රසාදය පල කරන ‘Women Action Network’ හෙවත් කාන්තා ක්‍රියාකාරී ජාලය, විවාහය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතිය මුස්ලිම් සමාජයට බලනොපැවැත්වීම ළමා අයිතිවාසිකම් විෂයයෙහිලා යහපත් ප්‍රවනතාවයක් නොවන බව පෙන්වාදෙයි.

මුස්ලිම් ප්‍රජාව අතර එවැනි බාල වයස් විවාහ සිදු වන බව වාර්තා වී ඇති බව පවසන ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර, ඒ සම්බන්ධයෙන් මුස්ලිම් නායකයන් හා අධිකරණ අමාත්‍යංශය සමග සාකච්ඡා කොට විසඳුමකට පැමිණිය යුතු බවයි කියා සිටියේ.

“මට ඒක කාන්තා ඇමතිනිය වශයෙන් තනිව ගත හැකි තීන්දුවක් නොවෙයි. සංකීර්ණ ප්‍රශ්නයක් නිසා සාකච්ඡා කරලා පියවරක් ගත හැකිද කියලා අපි බලනවා,” ඇය සඳහන් කළේය.

ළමා සහ කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන ඉහත කී විවාහ සම්බන්ධයෙන් තමා වෙත කරුණු දන්වා ඇති බවත් ළමා සහ කාන්තා කටයුතු පිළිබඳ ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර වැඩිදුරටත් කියා සිටියේය.

නව ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් පැවති ඉහත කී වැඩමුළුවේදී අදාළ ප්‍රශ්නය මුස්ලිම් සමාජය විසින් විසඳාගත යුත්තක් බවට අමාත්‍ය රවුෆ් හකීම් පල කළ අදහසට දැඩි විරෝධය පළකරන කාන්තා ක්‍රියාකාරී ජාලය පවසන්නේ මුස්ලිම් සමාජයේ ළමා විවාහ පිළිබඳ ප්‍රශ්නය මුස්ලිම් ජනතාව පිළිබඳ ගැටලුවක් ලෙසින් ලඝු නොකළ යුතු බවයි.

ඕනෑම සමාජයක ළමා විවාහ සිදුවන්නේ නම් එය මානව හිමිකම් සහ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නයක් බවයි මුස්ලිම් ක්‍රියාධාරිනියන්ද සාමාජිකත්වය දරන කාන්තා ක්‍රියාකාරී ජාලය අවධාරණය කරන්නේ.

බීබීසී සංදේශය

Related posts

මහින්ද එක්ක පාකිස්ථානයට ගිය අයට වෙච්ච දේ !!

colombotoday

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

කටුනායක ඇගළුම් කම්හලක තවත් සේවකයින් 11 කට කොරෝනා

colombotoday

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් තවත් සුරාබදු නිලධාරියෙකු අත්අඩංගුවට

colombotoday

ජවිපෙ නායකයා ජනතාව මුලාකරනවා.. ඔහු දන්න සමාජවාදයක් නැ

colombotoday

ජනපති යළි එයි… හදිසි නීතිය අවසන්… ගැසට් නිවේදනය නිකුත් කෙරේ

colombotoday