Business

රාජ්‍ය සේවකයින් කැඳවීම අද සිට සීමා කෙරේ

මහජන සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය අවම නිලධාරීන් සංඛ්‍යාවක් පමණක් අද (26)දිනයේ සිට සේවයට කැඳවමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතාගේ අත්සනින් එම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ, අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්මේන්තු ප්‍රධානින් වෙතයි.

රජයේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට මෙම චක්‍රලේඛය බාධාවක් නොවිය යුතු බව අදාළ චක්‍රලේඛය මගින් අවධාරණය කර තිබේ.

ඉන්ධන සපයා ගැනීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු හේතුවෙන් පොදු හා පෞද්ගලික ප්‍රවාහන සේවා නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හමුවේ රාජ්‍ය සේවකයින්ට සේවයට වාර්තා කිරිමේ ගැටලු පැන නැගි ඇති බවට විවිධ පාර්ශව විසින් කරුණු ඉදිරිපත් කෙරිණි.

අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ, රාජ්‍ය වියදම් කළමනාකරණය කර ගැනීම සදහා විදුලිය, ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සම්බන්ධයෙන් මීට පෙර නිකුත් කර ඇති චක්‍රලේඛය පිළිබඳව ද අවධානය යොමුකර කටයුතු කරන්නැයි දන්වමිනි.

Related posts

VEGA ජිනීවා හිදී එළිදක්වයි

colombotoday

රු.කොටි 9 ක සැප වාහනයට මන්ත්‍රී බද්ද රු.1050 යි – සාමාන්‍ය වාහනයක බද්ද ලක්‍ෂ 20ට වඩා වැඩියි

colombotoday

ඇමෙරිකානු ඩොලරය රු 190.61 දක්වා ඉහලට

colombotoday

රන් බදු ඉවතට

colombotoday

පරිප්පු සඟවන වෙළෙඳුන්ට මාස 6ක සිරදඬුවම්

colombotoday

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය වාර්තාගත ලෙස ඉහළට

colombotoday