Colombo Today Local News

සැක සහිත මළ සිරුරක් මුහුදු වෙරලේ

වම් වැලිමිට සහ පපුවේ තැලීම් තුවාල සහිත පුද්ගල මළ සිරුරක් අද (04) උදෑසන හමුවූ බව පයාගල පොලිසිය පවසයි.

පයාගල, දළුවත්ත, ප්‍රගති මාවත අවසානයේ මුහුදු වෙරළේ වැටකෙයියා පඳුරක් අසල පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට ලද තොරතුරක් මත පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

හදිසි මරණ පරීක්ෂක රෙජිනෝල්ඩ් හෙට්ටිආරච්චි මහතා පරික්ෂා කිරීමෙන් අනතුරුව මනුෂ්‍ය ඝාතනයක් බවට සැක පළ කරන බවත් , මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුකල යුතු බවත් පයාගල පොලිසියට උපදෙස් දී ඇත.

පයාගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ඩී.ඒ.එස්.රණවීර මහතා ගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිලධාරීන් පරීක්ෂණ පවත්වති .

Related posts

මහසෝන් බළකා කාර්යාලයෙන් පෙට්‍රල් බෝම්බ කියා සොයාගෙන ඇත්තේ පොල්තෙල් බෝතල් !

colombotoday

පක්ෂයේ අවසරය නැතුව අධිකරණ ඇමති සාකච්ඡාවක් දෙන්න බෑ කියලා

Admin

ධම්මික පෙරේරා කෝටි දහසකට සිංගර් සමාගම මිලදී ගනී !

colombotoday

නරක් වූ බීජ අර්තාපල් වෙනුවට අලුත් තොගයක් නොමිලේ දෙන්න එකඟවෙයි

Admin

විග්නේෂ්වරන් පාර්ලිමේන්තුවේ දිවුරන්න පෙර කොටි මිනී වලක් ඉදිරියේ දිවුරයි

colombotoday

රජෙක් වගේ සිටි ක්ලබ් වසන්තගේදේහය අස්සක සඟවයි

Admin