හෙට (24) දිනයේ ගෘහස්ථ ගෑස් බෙදාහැරීමක් සිදුනොවන බව ලිට්රෝ සමාගම පවසයි.
ඒ අනුව කිලෝග්රෑම් 12.5, කිලෝග්රෑම් 5 සහ කිලෝග්රෑම් 2.3 ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදා හැරීමක් සිදු නොකෙරෙයි.
ගෑස් නෞකා දෙකකට අදාළ ගෙවීම් කටයුතු සිදුකර ඇති අතර, අනිද්දා දිනයේ දී ගෑස් රැගත් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිතයි.