Colombo Today Local News

අර්ජුන් සල්ලි බෙදයි.. මාධ්‍යටත් අල්ලස්.. එජාප COPE සාමාජිකයන්ට බරටම දොල පිදේනි !

arjun-als22

මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තුවේ කෝප් කමිටු වාර්තාවෙන් සෘජුවම චෝදනා එල්ලවී ඇති හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් සහ බෑණා වන අර්ජුන් ඇලෝසියස් අදාල වාර්තාවට එරෙහිව කටයුතු කරන කෝප් කමිටු සාමාජිකයන්ට දිගින් දිගටම වරදාන ලබා දෙමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.

මේ වන විට සිය මුදල් බලයෙන් මාධ්‍ය ආයතන නිහඩ කිරීමේ මෙහෙයුමක් ආරම්භකර ඇති අතර මාධ්‍ය ආයතන සදහා ඕනෑම මුදලක් වියදම් කිරීමට සූදානම් බව ඇලෝසියස්ගේ නියෝජිතයන් මාර්ගයෙන් මාධ්‍ය ආයතන කිහිපයක් වෙත දන්වා ඇති බවද විශ්වාසකටයුතු ආරංචිමාර්ග අනාවරණය කරයි.

මේ වන විට එජාපය තුළද අගමැතිවරයාගේ මෙහෙයවීමෙන් සිය සගයා බේරා ගැනීම සදහා විශේෂ මෙහෙයුමක් දියත්වන අතර එහි මූලිකත්වය ගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන එජාප රාජ්‍ය ඇමතිවරයෙකි. ඇලෝසියස් වෙනුවෙන් මන්ත්‍රීවරුන් මිලදි ගැනීමේ බ්‍රෝකර් ලෙස කටයුතු කරන්නේද ඔහු බවට තොරතුරු මාර්ග අනාවරණය කරයි.

මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් වූ කෝප් කමිටු වාර්තවට එරෙහිව එජාපය විසින් වෙනත් වාර්තාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙමින් සිටී. එජාප මන්ත්‍රීවරුන් පමණක් සහභාගී වූ විශේෂ කෝප් කමිටු සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ පැවැත්වී ඇති අතර විගණකාධිපතිවරයාගේ වාර්තාව වෙනස් කිරීමට මෙම කණ්ඩායම උත්සහා දැරූ බව පවසමින් කෝප් සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා එයින් ඉවත්ව ගොස් තිබේ.

Related posts

‘ඇමතිතුමනි අධිකරණයට අපහාස නොකරනු’ රාජිතගේ අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක්

colombotoday

කටුනායක ඩියුටි ෆ්‍රී සාප්පුත් ඉන්දියාවට.. ගනුදෙනුව යට ටෙන්ඩර් මගඩියක් !

colombotoday

දින 100ක් ගතවෙද්දී මිලියනය ඉක්මවූ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා විය හැකි – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

colombotoday

ජනපතිවරණයට සහය දීමට වසන්තගෙන් සජිත්ට කොන්දේසි !

colombotoday

හිටපු ජනපති මෛත්‍රීපාල යාපනයේ සංචාරයක

Admin

පුත්තලමේ පල්ලියක ශරීයා නීතිය.. දූෂණයට ලක්වූවායි කතකට පොල්පිති පහර 100ක් තලයි !

colombotoday