Colombo Today Local News

බාල ඉන්ධන තොගයක් ගෙන්වලා.. ගුවන් යානා අනතුරේ !

තත්වයෙන් බාල යැයි සනාථවීම නිසා මීට පෙර අවස්ථා දෙකකදී ප්‍රතික්ෂේප කරන ලද සිංගප්පූරුවේ Petro china සමාගමෙන් තුන්වන වතාවටත් එවැනිම බාල ප්‍රමිතියෙන් යුත් ඉන්ධන තොගයක් ගෙන්වා ඇති බව ඛණිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග සදහන් කරයි.

ජෙට් ඒ වන් වර්ගයේ මෙට්‍රික් ටොන් 23,000ක් පමණ වන මෙම ඉන්ධන තොගය ප්‍රමිතියෙන් බාල බව කොළොන්නාව පරීක්ෂණාගාරයේ කරන ලස පරීක්ෂණයේදී හෙළිව ඇත.

ජෙට් ඒ වන් ඉන්ධන කටුනායක ගුවන් තොටුපලට සැපයීම සිදුකරනු ලබන්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසිනි. තත්වයෙන් බාල ඉන්ධන යෙදීමෙන් ඕනෑම මොහොතක ගුවන් යානා එන්ජින්වල දෝශ ඇතිවී අනතුරු සිදුවිය හැකි බවත් පැවසේ.

Related posts

කෙසෙල්වත්තේ පවාස් ඝාතනය කෙරේ | ඝාතකයින් තවමත් නිදැල්ලේ

colombotoday

ඇමති සරත්වීරසේකර ට කොවිඩ්

colombotoday

හෙට සිට සඳුදා තෙක් දිවයිනටම ඇඳිරි නීතිය

colombotoday

ජනපතිට එරෙහි NGO විරෝධතාවයට 9 දෙනෙක් පමණයි

colombotoday

මුදල් ඇමතින් නොදන්නා මිල සූත්‍රය ඊයේ රෑත් කැරකෙයි… පෙට්‍රල් මිල රු 6-8 කින් උඩ යයි…

colombotoday

‘ගුටිකෑ මාධ්‍යවේදියා පැමිණිළි කර ඇත්තේ වැරදි පොලිසියකටයි‘ – අගමැති

colombotoday