Colombo Today Local NewsUncategorized

දිඹුලාගල ප්‍රාදේශිය සභා අයවැය වැඩි ඡන්ද තුනකින් සම්මතයි

දිඹුලාගල ප්‍රාදේශිය සභාවේ 2021 වසර සදහා වන අයවැය අද (10)දින වැඩි ඡන්ද තුනකින් සම්මත විය.

දිඹුලාගල ප්‍රාදේශිය සභාවේ සභාපති ජයන්ත මාර්සිංහ මහතා අද පෙරවරුවේ අයවැය ඉදිරිපත් කලේය.

දිඹුලාගල ප්‍රාදේශිය සභාවේ මුලු මන්ත්‍රි සංඛ්‍යාව 21 වන අතර 10 වෙනිදා මන්ත්‍රිවරු 19 දෙනෙකු සභාවේ අය වැයට පැමිණ සිටියහ.

එහිදි අය වැයට පක්ෂව ඡන්ද 10 ක් ලබා දුන් අතර විපක්ෂව ඡන්ද 07 ක් භාවිතා කර තිබුනි.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි ගයාන් චතුරංග මහතා ඡන්දය දිමෙන් වැලකි සිටි අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රි ආනන්ද විජයරාජා මහතා අයවැයට ඡන්දය නොදි ස්වාධිනව සිටියේය.

Related posts

“සිංහල බෞද්ධයන් ද්‍රවිඩ භූමිය පැහැර ගන්නවා” සටන්වි වදින්නැයි විග්නේශ්වරන් කියයි

colombotoday

නිකිණි පුර පසළොස්වක පෝය අදයි

colombotoday

සෞඛ්‍ය අමාත්‍යවරිය රෝහලේ සිට කළ ප්‍රකාශය

colombotoday

නව අගමැතිවරයෙක් පත්කරන තෙක් අගමැති මහින්දයි – මහින්ද සමරසිංහ

colombotoday

ගෝඨාභයට විරුද්දව රනිල් සහ මර්වින් මිනී මැරුම් සාක්‍ෂි හදයි

colombotoday

ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු අරී

colombotoday