Colombo Today Local News

පාර්ලිමේන්තුවට ගිය මන්ත්‍රීවරුන් සිව්දෙනෙකුගෙන් සී.අයි.ඩීය ප්‍රශ්න කරයි

කොළඹ අරලියගහ මන්දිරය සහ ගාලු මුවදොර පිටිය අසල සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් වන රෝහිත අබේගුණවර්ධන සහ සී බී රත්නායක යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිවු දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායමක් ඊයේ(18)දින උදේ ප්‍රශ්නකර ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අනෙක් මන්ත්‍රීවරුන් දෙදෙනා වන්නේ සහන් ප්‍රදීප් සහ සංජීව එදිරිමාන්නය.

ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා එම පරීක්ෂණ කණ්ඩායම කතානායකවරයාගේ අවසරය ඇතුව පාර්ලිමේන්තු සංකීර්ණයට ඊයේ උදේ පැමිණි ඇත.

පරීක්ෂණ කණ්ඩායම ඒ මන්ත්‍රීවරුන් සිවුදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇත්තේ අධිකරණයෙන් කෙරුණු දැනුම්දීමක් අනුවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායමක් පාර්ලිමේන්තු වට පෙරේදා(17) දිනයේද පැමිණ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගනු ලැබීය.

Related posts

වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී 6ක් රෝහලේ…

Admin

මීනගයා පීල පනී…. මාරක අනතුරක් නූලෙන් වැළකෙයි !

colombotoday

සිසිල් කොතලාවල කටුනායකදී අත්අඩංගුවට… හදිසියේ ලෙඩ වී රෝහල්ගත කරයි

colombotoday

ප්‍රංශ දූත පිරිසක් විදේශ ඇමති හමු වෙයි

colombotoday

චන්ද්‍රිකා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් හමුවෙයි..!

colombotoday

කොළඹ මූල්‍ය නගරයේ ප්‍රථම චීන ආයෝජකයින් දිවයිනට

Admin