Colombo Today Local News

තමිල්නාඩුවෙන් කෝටි 120 කට අධික අත්‍යවශ්‍ය ආහාර ලංකාවට

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අත්‍යවශ්‍ය ආහාර හිඟය පිළිබඳව අවධානය යොමු කරමින් තමිල්නාඩු ප්‍රාන්ත රජය රුපියල් කෝටි 120 කට අධික වටිනාකමින් යුත් සහල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගයක් බෝට්ටුවලින් ගෙන ඒමට සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගයට සහල් මෙක්ට්‍රික්ටොන් 40,000 ක්, ඖෂධ සහ ළඳරු කිරිපිටි මෙක්ට්‍රික්ටොන් 500 ක් ඇතුළත් බවත් එම තොගය ලබාදීමට තාමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්. කේ. ස්ටාලින් මහතා ඉන්දීය මධ්‍යම රජයේ සහ තමිල්නාඩු රජයෙන් අවසර ගැනීමට සූදානම් වන බවත් විදේශ මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

Related posts

රට රත්කළ ලැම්බොගිනියේ අයිතිකරු හෙළිවෙයි !

colombotoday

ඉතිහාසයේ මුල්වරට නත්තලට අඩුවට බිත්තර දුන්නේ අපි

Admin

8කට මරු කැඳවූ නියපොත්තා හොරොව්පතානෙන් අල්ලයි

colombotoday

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු වලට විසඳුම් සොයන්න ෂෙහාන් – රමේෂ් විශේෂ සාකච්ඡාවක්

Admin

22 සංශෝධනය අද මැති සබයට

colombotoday

පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ධුරය ඇමති ප්‍රසන්නට

colombotoday