Colombo Today Local News

විජේකලාගේ කොටි ප්‍රකාශයෙන් පාර්ලිමේන්තුවේ ඇතිවූ කලබලය ගැන කතානායකගෙන් විශේෂ ප්‍රකාශයක්

එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත ගෙන ඒම තම අරමුණ යැයි රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් කල ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය නිසා ඊයේ කල් තැබුණු පාර්ලිමේන්තුව අද පෙරවරුවේ යළි අරම්භ කළේය. එහිදි කථානායක කරු ජයසූරිය මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඊයේ දිනයේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම විවේචනයට ලක්කළේය.

“ජනතාවට ඉතා වැදගත් වන ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත යටතේ නියෝග ඊයේ සම්මත කිරීමට නියමිතව තිබියදී ජනතා ශුභසිද්ධිය ගැන කිසිම හැඟීමක් නොමැතිව එයට බාධා කර පාර්ලිමේන්තුවේ උත්තරීතර සංකේතය වූ සෙංකෝලය උදුරා එයට හානි කිරීමට ගත් උත්සාහයත්, එම වැදගත් නියෝග අනුමත කිරීමට ඉඩ නොදී පාර්ලිමේන්තුවේ කටයුතු කඩාකප්පල් කිරීමත්, මෙයින් රටට දෙන පණිවිඩය ගැනත් අප කණගාටු විය යුතුය.

ගරු විජයකලා මහේෂ්වරන් රාජ්‍ය අමාත්‍යවරිය විසින් කරන ලද ප්‍රකාශය අප දැනගත් විගසම එහි බැරෑරුම්කම් වටහා ගෙන එය පරීක්ෂා කිරීමට එදින උදේම මවිසින් ක්‍රියා කර තිබිණි. අවශ්‍ය කැසට් පටිය ලබා ගෙන එහි පරිවර්තන අධ්‍යයන කර කථානායක වශයෙන් ව්‍යවස්ථානුකූලව මට ගත හැකි සෑම පියවරක්ම ගැනීමටත් ඇය නියෝජනය කළ පක්ෂ නායකත්වයද දැනුවත් කර නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමද මේ අතර ක්‍රියාත්මක වෙමින් තිබිණ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ක්‍රියාකාරිත්වයෙන් ලෝකයේ ආදර්ශමත් පාර්ලිමේන්තුවක් වශයෙන් ලෝක අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය විසින් පිළිගෙන තිබියදී කීප දෙනෙකු විසින් කරනු ලැබූ මෙම අශෝභන හැසිරීම තුළ මුළු පාර්ලිමේන්තුවේම ගරුත්වයට හා කීර්තිනාමයට බලවත් හානියක් සිදුවන බව සඳහන් කරන්නේ බලවත් කණගාටුවෙනි.

එසේ තිබියදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඉතාමත්ම අශෝභන ලෙස සහ පාර්ලිමේන්තුවේ ගරුත්වයට හානි කරමින් කටයුතු කළ ආකාරය පාර්ලිමේන්තුවටම අපකීර්තියකි.

මේ අනුව ඊයේම නීතිපතිවරයාට උපදෙස් දුන්නේ වහා ක්‍රියාත්මක වී අදාළ නීති ප්‍රකාරව කටයුතු කරගෙන යන ලෙසයි. කථානායක වශයෙන් ව්‍යවස්ථානුකූලව මට ගත හැකි ඉහළම පියවර එයයි.“

Related posts

මින් පසුව රජයේ කිසිඳු උත්සවයක් පෞද්ගලික හෝටල්වල ගැනීම තහනම් !

colombotoday

ලංකාවේ රැකියාවට ඉන්දියානුවන් එනවාට විරුද්ධ වන්නේ ජාතිවාදීන් – විදේශ ඇමති මංගල

colombotoday

තෙල් නළ අළුත්වැඩියාව ඇමතියෙක් අතට.. කොන්තරාත්තුව හරහා ඩොලර් මිලියන 7ක කොමිස් කුට්ටියක් ගිලී!

colombotoday

2023 දී කළුවර ජූලියක් ගැන අනතුරු අඟවයි

Admin

විපක්ෂයේ ඉල්ලීම නොතකා කොළඹ වරාය නගර පනතේ විවාදය එක් දිනකට සීමා කළා – අනුර කුමාර

colombotoday

කටුනායක ගුවන් තොටුපළ සේවකයින් වැඩවර්ජනයක්

colombotoday