Colombo Today Local News

සියලූම වෘත්තිකයින් අඛණ්ඩ වැඩ වර්ජනයේ

සියලූම වෘත්තිකයින් මේ වනවිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වේ.

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පැවසුවේ මෙම වැඩ වර්ජනයට සියලූම රාජ්‍ය, පෞද්ගලික, අර්ධ රාජ්‍ය යන සියලූම පාර්ශ්ව නියෝජනය වන පරිදි වෘත්තිය සමිති 2000 ක් පමණ ඊට එක්වන බවයි.

මෙම වෘත්තීය වැඩ වර්ජනය සමග අත්‍යවශ්‍ය සේවා ද ඇනහිටිනු ඇත.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සමස්ථ සාමාජිකයින් අද සිට නැවත දැනුම් දෙනතුරු සියලූ රාජකාරීවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

ඊයේ (09) දින අරලිය ගහ මන්දිරයට එක් වූ පිරිසක් ගාලූමුවදොර සාමකාමී විරෝධතාකරුවන් ඉලක්ක කරගනිමින් සිදු කළ ප්‍රහාරය පිළිකුළෙන් යුතුව හෙලාදකිමින් ඊට විරෝධය දක්වමින් එම සංගමය මෙම තීන්දුව ගත් බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරයි.

දැනට පත් කොට ඇති දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු මින් ඉදිරියට පිළි නොගැනීමටත්, කිසිදු දේශපාලනඥයකු සහභාගී වන රැස්වීමකට සහභාගීවීමෙන් වැලකීමටත් ඔවුන් වැඩ දුරටත් තීරණය කර තිබේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයද වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත්තේ ගාලු මුවදොර අරගලකරුවන්ට සහය දක්වමිනුයි.

Related posts

ගැටුම් අතර සුඩානයේ තවත් ශ්‍රී ලාංකිකයින් 40ක්

Admin

කාන්තන්කුඩි ආයුර්වේද රෝහලේ ප්‍රධාන වෛද්‍ය ජලල්දීන්ගෙන් සේවිකාවන්ට ලිංගික අඩන්තේට්ටම්

colombotoday

අභාවප්‍රාප්ත හිටපු කථානායක ජෝශප් මයිකල් පෙරේරාගේ දේහය පාර්ලිමේන්තුවට

Admin

ඇඳිරි නීතිය පවතින කාලය තුළ ෆාමසි විවෘත කර තැබීමට පියවර. ඖෂධ වට්ටොරුව ඇඳිරි නීති අවසර පතක් ලෙස සලකයි.

colombotoday

මට්ටක්කුලියේ දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයෙක් මරුට

Admin

අත්අඩංගුවට ගන්නා කංසා වලට කරන්න යන දේ…

colombotoday