Colombo Today Local News

මිය ගිය කොටින්ට වන්දි ගෙවන්න ඇමති ස්වාමිනාදන් ගෙනා යෝජනාව ගැන කැබිනට් මණ්ඩලය තීරණයක් ගනී

එල්.ටී.ඊ.ඊ යේ මියගිය සාමාජිකයන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල් වලට වන්දි ගෙවිය යුතු බවට ඉල්ලමින් පුනරුත්තාපන හා නැවත පදිංචි කිරිමේ ඇමැති ඩී.එම්.ස්වාමිනාදන් මහතා තුන්වැනි වරටත් ඉදිරිපත් කර තිබු කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය විසින් අද (19) අත්හිටවනු ලැබීය.

මෙම යෝජනාව මීට පෙර අවස්ථා දෙකකදී ඇමැතිවරයා විසින් ඉදිරිපත් කර තිබු නමුත් ඇමැතිවරුන් පිරිසකගේ විරෝධය හමුවේ එය ඉවත් කර ගැනීමට ඔවුනට සිදුවිය.

යුද්ධයෙන් පීඩාවට පත් වුවනට වන්දි ගෙවීම යටතේ ඉදිරිපත් කර තිබු මෙම කැබිනට් පත්‍රිකාව මගින් යුද්ධයෙන් මියගිය සිවිල් වැසියන්ට, හානි වු ආගමික ස්ථාන වලට සහ යුද්ධයේ දී මියගිය කොටි සාමාජිකයන්ට වන්දි ගෙවීමට යෝජනා කර තිබු බව වාර්තා වේ.

Related posts

ගාල්ල වැලිගම වසම් කිහිපයක සංචරණ සීමා ලිහිල් කෙරේ

colombotoday

අත්හිටුවා තිබූ විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සේවා යළි ඇරඹේ

colombotoday

කුඩු ජාවාරමට කට්ටි පැන්න මන්ත්‍රී අරුන්දිකගේ නිවසේදී අත්අඩංගුවට

colombotoday

ජනාධිපතිවරණ ප‍්‍රතිඵලයෙන් රට ආපස්සට ගියා,රට ඉදිරියට ගෙනගිය බලවේගය පරාජය වුණා

colombotoday

සටන් පාඨ නවතී.. එසවූ කොඩිවැල් පහත වැටේ.. පාද යාත්‍රාවෙන් හොරගොල්ල සමාධියට හරසර!

colombotoday

පාස්කු කොමිෂන් සභා වාර්තාව හෙට පාර්ලිමේන්තුවේ විවාදයට

colombotoday