Colombo Today Local News

“ඥාණසාර හිමියන්ට චීවරය දැරීමේ අයිතියත් නැති කරලා” – ජානිපෙන් ජනපතිට ඉල්ලීමක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිර දඩුවමකට ලක්ව සිටින්නේ බුද්ධ අංශ රණවිරුවන්ගේ නිදහස වෙනුවෙන් ඉදිරිපත්වීමේ සිදුවීමකට බැවින්, සහ උන්වහන්සේ භික්ෂූවන් වහන්සේනමක බැවින්, ඒ පිළිබදව සලකා උන්වහන්සේට සාමාන්‍ය සිරකරුවෙකුට සේ සැලකීම කිසිසේත්ම සුදුසු නැති බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ බන්ධනාගාරගතකර සිටින ඥාණසාර හිමියන්ගේ සුවදුක් විමසීම සදහා අද (15) වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණීමෙන් පසුව මාධ්‍යවේදීන් සමග අදහස් දක්වමිනි.

ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ මහජන ක්‍රියාකාරකම් සහ මත ප්‍රකාශ කිරීම් පිළිබඳව කැමැත්ත හෝ අකමැත්ත නොසලකා බුද්ධ චීවරයේ ගෞරවය රැකීමට වහාම පියවර ගන්නා ලෙස ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා සදහන් කළේය.

[fbvideo link=”https://www.facebook.com/nidahasperamuna/videos/1682284235220063/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ ආයතනය අවුරුදු 150කට බංග්ලාදේශයට !!

colombotoday

ආයෝජකයන් විශාල උනන්දුවකින්

Admin

අදානි ලොක්කා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවෙයි.

colombotoday

ඥානසාර හිමිට විරුද්ධ නඩු දෙකක් පෙබරවාරි 1 ට කල් යයි.

colombotoday

ගාල්ලේ ගම්මාන 7කට දැඩි සංචරණ සීමා

colombotoday

රන් මිල අදත් ඉහළට

Admin