පකිස්ථානයේ තරු පහේ හෝටලයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ආයුධ සන්නද්ධ ත්රස්තවාදීන් තුන් දෙනෙකු හෝ හතර දෙනකු බර අවි සමඟ ටලයට ඇතුළු වී මෙම ප්‍රහාරය දියත් කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ. ත්රස්තවාදීන් රොකට් ප්‍රහාර ද එල්ල කර සිටින බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.
මෙම ත්‍රස්ත ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා මේ වන විට හමුදාව එම හෝටලය වෙත ඇතුළු වී ඇති අතර විදේශිකයන් කිසිවකුත් හෝටලයේ නොසිටින බවයි ආරක්ෂක අංශය සඳහන් කර සිටින්නේ.