Colombo Today Local News

පළාත් සභා මැතිවරණයේදී එක් කොට්ඨාශයකට එක් මන්ත්‍රීවරයෙක්

ඉදිරි පළාත් සභා මැතිවරණයේදී එක් කොට්ඨාශයකට එක් මන්ත්‍රීවරයකු නියෝජනය වන ආකාරයට මන්ත්‍රී ආසන සැකසිය හැකිද යන්න පිළිබඳ කරුණු සොයා බැලීමට විශේෂ කමිටුවක් පත්කර ඇත.

මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පැවැති අඩුපාඩු පළාත් සභා මැතිවරණයේදී ඇති නොවීමටත්, රටේ ජනතාවගේ සැබැ අවශ්‍යතා ඉටුකර දීම සඳහාත් මෙම යෝජනාව පිළිබඳව වැඩිදුරටත් කරුණු හැදෑරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම කමිටුව පත්කිරීමට නියම කළ බවයි.

මේ අවස්ථාවේ හදිසි මැතිවරණයක් අවශ්‍ය නොවන බවටත්, මනාප ඡන්ද ක්‍රමය නොගැලපෙන බවටත් රජයේ ඇමැතිවරු අදහස් දක්වා තිබෙන බවද මහින්ද අමරවීර මහතා කීය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනයක් පිළිබඳව තවමත් පැහැදිලි දින වකවානුවක් ප්‍රකාශ කළ නොහැකි බවද ඔහු ප්‍රකාශ කළේය.

Related posts

“මොරගහකන්ද හදා මම මැජික් පෙන්නුවා..” ජනපති ජලාශ වේල්ල මත සිට කියයි (Video)

colombotoday

නැගෙනහිර මාංශ අලෙවිසැල් වසා දැමේ

Admin

තිසරපට අස්සේ ජෙල් පැකට් : සිංහලයන් වඳ කරන අන්තවාදී වැඩක් – හෙළ උරුමය පොලිස්පතිට ලියයි

colombotoday

මුරලි නුවරඑළියෙන් දේශපාලනයට !

colombotoday

ජනපති සිරිසේනට ඇමරිකාවේ උප ජනාධිපතිගෙන් ඇමතුමක් !

colombotoday

බදු නැතුව පෙට්‍රල් 150ට දෙන්න පුළුවන්?

Admin