Colombo Today Local News

කොඩිකන්ද සේනාසනයේ හිමියන් ඝාතනයට සැකපිට සාමනේර හිමිනමගේ මාපියන් ඇතුළු 4ක් අල්ලයි..

හංවැල්ල තුන්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ උඩුවිළ ධම්මසිරි හිමියන් පැහැරගෙන ගොස් ඝාතනයකොට පුළුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව හංවැල්ල පොලිසිය පවසයි.

ඒ අතර ආරණ්‍ය සේනාසනයේ වැඩවසන සාමනේර හිමිනමගේ මාපියන් ද ඇතුළත් බව පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත අතර පොලිස් නිලධාරිනියකගේ සැමියකු පිළිබඳවද විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

ඒ අතර සැකකරුවන් පැමිණි වෑන් රථය ද හඳුනාගෙන ඇති බව කියයි.

ඉකුත් 2දා කොඩි කන්ද ආරණ්‍ය සේනාසනයට පැමිණි සැකකරුවන් එහි සිටි දණගස්වා තර්ජනය කොට 65 හැවිරිදි ධම්මසිරි හිමියන් පැහැරගෙන ගොස් තිබුණි.

සිද්ධියෙන් අනතුරුව සිදු කළ විමර්ශනයකදී පැහැර ගත් ස්වාමීන් වහන්සේ බවට සැක කෙරෙන පුද්ගල මළ සිරුරක් කොටදෙනියාව නාවාන පොදු සුසාන භූමියේ තිබී (04) දා සොයාගත් බව කියයි.

එම මළ සිරුර පුළුස්සා දමා ඇති අතර එය වලදැමීම සදහා සුසාන භූමියේම කුඩා වලක් ද කපා තිබූ බව පොලිසිය කියයි.

පැහැර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

Related posts

අගමැති නූලෙන් බේරෙයි… ප්‍රභූ ආරක්ෂකයන් දෙදෙනෙක් රෝහලේ….

colombotoday

සර්වපාක්ෂික සමුළුවේදී මුස්ලිම් මරණ ආදාහන ගැටලුව ඇවිලෙයි – සම්පුර්ණ වීඩියෝව

colombotoday

වැලිකඩ රිය අනතුර ගැන දුරකතන අංක 20 ක විශ්ලේෂණ වාර්තාවක් ඉල්ලයි

colombotoday

හිටපු ඇමතිකෙනෙක් කියනවා මං අගමැතිට කීකරුයිලු..

colombotoday

ඇඳිරි නීතිය කැඩුවාට දැඩි දඩුවම්

colombotoday

ජනපති තවත් පොරොන්දුවක් ඊයේ කඩ කරලා !

colombotoday