Colombo Today Sports News

කොදෙව්වන්ට කඩුලු 5ක ජයක්

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම 2-0ක ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.

ඒ, ඊයේ පැවති දෙවන එක්දින තරගයත් කොදෙව් කණ්ඩායම කඩුලු 5කින් ජය ගැනීමත් සමගිනි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 273 ක් ලබා ගත්තේය.

මෙම තරගාවලිය තුළ සාර්ථක පිතිකරුවෙකු ලෙස දස්කම් දක්වන ධනුෂ්ක ගුණතිලක පන්දු 96කදී ලකුණු 96ක් ලබා ගැනීමට සමත් විය.

ඊට හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය.

දිනේෂ් චන්දිමාල් ලකුණු 71ක් ලබා ගැනීමට සමත් විය.

ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා ක්‍රීඩා කළ වනිදු හසරංග ලකුණු 47ක් ලබා ගත්තේය.

ඊට හයේ පහර 4ක් සහ හතරේ පහර 2ක් ඇතුළත් විය.

නායක දිමුත් කරුණාරත්න එක ලකුණකට දැවී ගියේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායමේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 192කි.

ශතකයක් ලබා ගත් එවින් ලුවිස් ලකුණු 103ක් ලබා ගැනීමට සමත් විය.

ෂායි හෝප් ලබාගත් ලකුණු ගණන 84කි.

ජයග්‍රහණය සඳහා කොදෙව් කණ්ඩායමට අවසන් පන්දුවාරයේදී ලකුණු 9ක් ලබා ගැනීමට අවශ්‍ය වී තිබුණි.

අවසන් පන්දුවාරය නුවන් ප්‍රදීප් ක්‍රියාත්මක කළ අතර කොදෙව් පිතිකරුවන් 4වෙනි පන්දුවේදී ජයග්‍රාහී සීමාව පසු කළේය.

ඒ අනුව, පන්දුවාර 49යි පන්දු 4ක් තුළ ජයග්‍රහණය කරා ගමන් කළ කොදෙව් පිතිකරුවන් කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 274ක් ලබා ගත්තේය.

දෙරට අතර තුන්වන සහ අවසන් එක්දින තරගය හෙට(14)දින පැවැත්වීමට නියමිතය.

Related posts

මරදානේ දුරකතන අලෙවිසැලක් ගිනි ගනී

Admin

නිදහස් කුසලානය ජනපති අතින් ඉන්දියාවට !

colombotoday

2017 වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා විරාත් කෝලි – ICCයෙන් පිදුම් ලබයි

colombotoday

මළල ක්‍රීඩාව නංවන්න සුසන්තිකා පදනම දමයි

colombotoday

පළමු T20 තරගයෙන් එංගලන්තයට කඩුලු 08ක ජයක්

colombotoday

ක්‍රීඩා විසා යොදාගෙන පුද්ගලයින් ඔස්ට්‍රේ­ලි­යා­වට පට­වන ජාවා­ර­මක් රු. ලක්ෂ 13 බැගින් අරන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 70ක් ගෙන්වලා

colombotoday