Covid 19

තුන්වන කොවිඩ් රැල්ලක් ඇති වීමේ දැඩි අවදානමක් ගැන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

කොවිඩ් තුන්වන රැල්ලක් ආරම්භ වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.

එළඹෙන උත්සව සමයේ දී රජය විසින් නිසි මාර්ගෝපදේශ යටතේ කටයුතු නොකරන්නේ නම්, මහා ව්‍යවසනයකට මුහුණදීමට සිදුවිය හැකි බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“දැනට රටේ පවතින තත්ත්වය අනුව කිසිදු නිරෝධායන තත්ත්වයක් සංචරණ සීමා සඳහා බලපාන අයුරින් අපට නීති නිකුත් කරලා නෑ. සංචරණ සීමා සාමාන්‍ය පරිදි රට තුළ ක්‍රියාත්මක වෙනවා. මේ තත්ත්වය හමුවේ තමයි අපි පාස්කු උත්සවය හා නව අලුත් අවුරුදු උත්සවය සමරන්න සැරසෙන්නේ. විශේෂයෙන්ම බ්‍රසීලය වගේ රටවල්වල බලාපොරොත්තු නොවන ආකාරයෙන් කොවිඩ් -19 ආසාදනය ඉතාම සීඝ්‍රයෙන් පැතිර යමින් තියෙන අවස්ථාවක අපි පාස්කු උත්සවය හා නව අලුත් අවුරුදු උත්සවය සමරන්න සැරසෙන්නේ. ඒ අපි මේ මොහොත් අනතුරු අඟවනවා. ඉදිරියේ දී එන පාස්කු උත්සවය හා නව අලුත් අවුරුදු උත්සවය සඳහා රජය හා සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි මාර්ගෝපදේශ හදලා කටයුතු කරේ නැතිනම් අපිට අලුත් අවුරුද්දෙන් පස්සේ තුන්වන කොවිඩ් රැල්ලක මහා ව්‍යසනයකට මුහුණදෙන්න සිද්දවෙයි කියලා අනතුරු ඇඟවනවා.“

Related posts

කැලණි සරසවියේ සිසුවියකටත් කොරෝනා

colombotoday

තවත් කොවිඩ් රෝගීන් 376 ක්

colombotoday

තවත් කොවිඩ් මරණ 23ක්

colombotoday

බූස්ස බන්ධනාගාරයේ තවත් කොවිඩ් ආසාදිතයින් 44 ක්

colombotoday

ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ 06 දෙනෙකුට කොවිඩ්.

colombotoday

කොරෝනා ආසාධිත සංක්‍යාව 197 දක්වා ඉහලට

colombotoday