Colombo Today Local News

පළාත් මට්ටමින් පෙළපාලි ගණනාවක උද්ඝෝෂකයින් අද ලිප්ටන් වටරවුමට

රජයට විරෝධය පෑම සඳහා ප්‍රධාන වෘත්තිය සමිති දහයක් අද (8 වැනිදා) පස්වරුවේ කොළඹ ලිප්ටන් වටරවුමේදී උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම පිරිස මාර්ග කිහිපයකින් පෙළපාලි මගින් පැමිණ මෙම උද්ඝෝෂණයට සහභාගි වීමට නියමිතය.

මීට සමගාමීව පළාත් මට්ටමින්ද සියලුම රාජ්‍ය සේවකයන් ප්‍රධාන නගරවලදී උදෑසන 10 සිට විරෝධතා දැක්වීමට සැලසුම් කර තිබේ. කාර්යාල වේලාවේදී එම පිරිස් උද්ඝෝෂණයේ නිරතවීමට නියමිතය.

ඛනිජ තෙල් පොදු සේවක සංගමය, වරාය පොදු සේවක සංගමය, විදුලිබල පොදු සේවක සංගමය, ලංකා බැංකු සේවක සංගමය, ටෙලිකොම් ආයතනයේ සියලුම වෘත්තීය සමිති, ගුරු විදුහල්පති සියලු වෘත්තීය සමිති ඇතුළුව වෘත්තීය සමිති අද (8 වැනිදා) සවස 3 ට ලිප්ටන් වටරවුමේ උද්ඝෝෂණයට එක්වීමට නියමිතය. මෙම පිරිස් පානදුර, ගම්පහ ප්‍රදේශ ඔස්සේ කොළඹට පැමිණෙනු ඇත.

මීට අමතරව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයද කැලණිය විශ්වවිද්‍යාලයේ සිට කොළඹට පෙළපාළියෙන් පැමිණීමට සූදානම් වේ.

සාමකාමීව මෙම උද්ඝෝෂකයන්ට කොළඹට පැමිණෙන ලෙසත්, කලහකාරී සිදුවීම් ඇති කරන්නන් අත්අඩංගුවට ගන්නා බවත් පොලිසිය දැනුම් දී ඇත.

තවද අද (8 වැනිදා) පැවැත්වෙන දීප ව්‍යාප්ත එක්දින වැඩ වර්ජනය සහ උද්ඝෝෂණ මාලාව සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය නියෝජනය කරන සියලුම රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ වන බව ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය පවසයි.

මේ සඳහා රජයේ අවධානය යොමු නොවුණහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යාමට බලාපොරොත්තු වෙනවා යැයිද එම සංගමය කියයි.

Related posts

මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාරගත කරයි…

colombotoday

කොවිඩ් වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ වෙනසක්

colombotoday

ලයන් බියර් කොම්පැණියට මුදල් ඇමතිගෙන් සුපිරි බදු සහන.. බිලියන ගණනක් රජයට පාඩුයි !

colombotoday

අයවැයෙන් වැට් අඩුවෙන හැඩ

Admin

රටපුරා නිහඩ හලාල් විරෝධයක්… නෙල්නා චිකන් හලාල් හලයි !

colombotoday

WHO හා ඔස්ට්‍රේලියාවෙන් ලංකාවට මිලියන 105ක වෛද්‍ය උපකරණ

colombotoday