ඉදිරියේදී පැවත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස චමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා සදහන් කළේ වාමාංශික පක්ෂ විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි.
කෙසේ වෙතත් මෙම යෝජනාව සම්බන්ධයෙන් අදහස් පලකරමින් චමල් රාජපක්ෂ මහතා පවසන්නේ එම තනතුරට තමාට වඩා සුදුස්සන් සිටින බවයි.