Colombo Today Local News

මේක ගොබ්බ ආණ්ඩුවක්… වහා ගෙදර යා යුතුයි – ග්ලයිපොසෙට් තහනම ඉවත්කිරීම නිසා රතන හිමිත උරණ වෙයි

ආණ්‌ඩුවෙන්ම තහනම් කළ ග්ලයිෆොසෙට්‌ වැනි වල් නාශකයකට නැවතත් අනුමැතිය ලබා දෙයි නම් එවැනි ගොබ්බ තීරණ ගන්නා රජයකින් රටට යහපතක්‌ සිදු නොවන නිසා මේ රජය වහාම ගෙදර යා යුතු යෑයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

ග්ලයිෆොසෙට්‌ සම්බන්ධ දැනුමැත්තන්ගෙන් කිසිවක්‌ නොවිමසා රටේ ජනතාව ගැන ද නොසිතා හොර රහසේ මෙවැනි තීරණ ගැනීම පිළිබඳව තමන් දැඩිසේ විරෝධය දක්‌වන බවද උන්වහන්සේ කීහ.

”ග්ලයිෆොසෙට්‌ සම්බන්ධයෙන් මීට මාස කිහිපයකට පෙර කමිටුවක්‌ පත්කළා. එතැනදීත් අපි විරෝධය දැක්‌වූවා. ඒ කමිටුව මාස 6 ක්‌ පමණ ඇදී ගියා. දැන් ග්ලයිෆොසෙට්‌ සම්බන්ධව තීරණ ගන්න අලුත් විද්වත් කමිටුවක්‌ පත් කරල තිබෙනවා. මමත් එහි සාමාජිකයකු වුණාට එයට සහභාගි වීමට මට ආරාධනා ලැබුණේ නැහැ.

මට දැනගන්නට ලැබුණු විදිහට ඒ කමිටුව ඉකුත් 01 වැනිදා රැස්‌වී තිබෙනවා. මෙවැනි තීරණ ගන්නා රජය මොකක්‌ද, මේ රට මොකක්‌ද කියලා මම දන්නේ නැහැ. මේ විදිහට රටක්‌ රාජ්‍යයක්‌ ගෙන යන්න බැහැ. ඒ නිසා කළ යුතුව ඇත්තේ නිවැරැදි තීන්දු මත සිට කටයුතු කළ හැකි පිරිසකට මේ රට භාරදී මේ අය ගෙදර යැම යෑයිද රතන හිමියෝ කියා සිටියහ.

කෙසේ වෙතත් අද (03 වැනිදා) පැවැත්වීමට නියමිත මාධ්‍ය හමුවේදී ග්ලයිෆොසෙට්‌ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු අනාවරණය කිරීමට සූදානම් බවද උන්වහන්සේ කියා සිටියහ.

(දිවයින)

Related posts

ඇමති පුටුව අයින් කරලා සාමාන්‍ය පුටුවක් ගත්තා

Admin

අවසන් තීරණයකට එයි.. හම්බන්තොට වරායෙන් 80%ක අයිතිය චීනයට.. ගිවිසුම සූදානම් !

colombotoday

අධිවේගයේ අනතුරකින් කතක් මරුට… 5ක් රෝහලේ..

colombotoday

පාසලේ මත්පැන් සාදයක්.. සූර් වූ සිසුන් 8ක් රෝහලේ !

colombotoday

“විල්පත්තු සංහාරයට මාත් විරුද්ධයි” රිෂාඩ් බදුර්දීන් පරිසර හිතකාමීන්ව ඔලුවෙන් හිටගස්සවයි

colombotoday

ලොකු ලූනු කිලෝවකට රු.100ක සහතික මිලක්

colombotoday