Colombo Today Local News

අගමැති ප්‍රධානත්වයෙන් එජාප මන්ත්‍රී කණ්ඩායම රැස්වෙයි.. පසුපෙළ මන්ත්‍රීන් 20ක් රැස්වීම වර්ජනය කරයි

කැබිනට් සංශෝධනයෙන් පසු ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්විය.

එම රැස්වීම සදහා එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පමණ සහභාගී නොවූ බවට වාර්තා වනවා.

ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියා සිටියේ, විශ්වාසභංගයේදී පොරොන්දූ වූ පරිද පක්ෂ නායකත්වයේ වෙනසක් සමගින් එජාප ප්‍රතිසංවිධානය සිදු නොකළහොත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වන සියළු රැස්වීම් වර්ජනය කිරීමට එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් විසි දෙනෙකු පමණ සූදානමින් සිටින බවයි.

Related posts

ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතුවල අත නොතබන්නැයි ඉන්දීය රජය අල් හුසේන්ට දන්වයි

colombotoday

සජිත් අගමැති කරන්න මංගල වැඩට බහී

colombotoday

සිව්වනි වරටත් පොලිස්පතිට සේවා දිගුවක්

Admin

මරණ දණ්ඩනය හිමිව සිටින සිරකරුවන්ගේ දඩුවම ලිහිල් කිරීමට අවධානය

colombotoday

“අලුත් ව්‍යවස්ථාවක් ගේන්න අපේ ආණ්ඩුවට ජනවරමක් ලැබුණේ නෑ“ – එස්.බී

colombotoday

උඩරට දුම්රිය මාර්ගය යථා තත්වයට

Admin