පෙරේතකමට තව දුරටත් නායකත්වය අල්ලාගෙන සිටීමෙන් එක්සත් ජාතික පක්ෂය විනාශයෙන් විනාශයට යන බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.
ඇමරිකාවේ සංචාරයකින් පසු යලි දිවයිනට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපළේදී මාධ්‍යවේදීන් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.
පක්ෂයේ ප්‍රතිසංවිධානයට තමන් විරෝධය දක්වන බවත් ඔලුගෙඩි මාරුවෙන් සිදුවන්නේ විශාල විනාශයක් බවද කියා සිටියේය.
එජාපය තුළ සිදුවිය යුතු වෙනස පිළිබදව තමන් දීර්ඝ කාලයක් පක්ෂ නායකයා සමග කතා කළද ඉන් පලක් නොවූ බවත්, දැන් තමන් හති වැටී සිටින බවත් පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා, මේ සම්බන්ධයෙන් හඬක් නගන පුද්ගලයින්ට පක්ෂය තුළ සිටිය නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවත් කියා සිටියේය.