ජනතා විමුක්ති පෙරමුණේ උප නායක කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ අභාවප්‍රාප්ත මෑණියන්ගේ අවසන් කටයුතු අද අනුරාධපුරදී සිදු කෙරිණි.
බෞද්ධාගමානුකූලව අවසන් කටයුතු සිදු කෙරුණු අතර, බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ද පාංශුකූලය සදහා වැඩම කර සිටියහ.
දේහය තැන්පත් කර තිබූ ලාල් කාන්ත මහතාගේ අනුරාධපුර නිවසට පක්ෂ විපක්ෂ දේශපාලකයන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියහ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ඊයේ ලාල් කාන්ත මහතාගේ නිවසට ගොස් ශෝක පල කළේය.