Colombo Today Local News

වැඩි කැමැත්ත අකිලට ලු !

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයට සුදුස්සා එහි වත්මන් නියෝජ්‍ය මහ ලේකම් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් බව අරලියගහ මන්දිරයේදී බ්‍රහස්පතින්දා (19දා) පැවැති අලුත් අවුරුදු කෑම මේසයට සහභාගි වූවන් රැසක්ම පවසා ඇත.

මහ ලේකම් ධුරය සඳහා අකිල විරාජ් කාරියවසම් මහතාගේ නම මේ වනවිටත් යෝජනා වී ඇතැයිද ජේ‍යෂ්ඨ සාමාජිකයන්ගේ මෙහෙයවීමෙන් එජාපයත් වත්මන් යහපාලන රජයත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යායුතු යැයිද පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන එහිදී කීවේය.

පක්ෂය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදුකළ වසර තුනක කෙටි කාලයකදී මෙරට අධ්‍යාපනයේ උන්නතියට දැවැන්ත කාර්යයක් ඉටුකළ අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන ඇමැතිවරයා එජාප මහ ලේකම් තනතුරට පත්වුවහොත් වගකීම නිවැරැදිව ඉටුකරනු ඇතැයි කොළඹ පුරපතිනි රෝසි සේනානායක එහිදී පැවැසුවාය.

එජාපයේ ප්‍රබල තනතුරු රැසක් තරුණ අදහස් හඳුනන දීර්ඝ කාලයකදී පක්ෂයේ ක්‍රියාකාරීව කටයුතු කරන තරුණ කණ්ඩායමක් අතට පත්වනු ඇති බවට අදහස් පළ කළේ එම පක්ෂයේ ප්‍රතිසංවිධාන කමිටු සාමාජික අශෝක ප්‍රියන්ත මන්ත්‍රිවරයාය.

Related posts

දිගින් දිගටම මගේ හිසට පහර දුන්නා – අවම බලය යොදවපු හැටි සිසුවිය කියයි

colombotoday

එජාප පසුපෙළ, කණ්ඩායම් රැස්වීම් වර්ජනයක !

colombotoday

පවුල් නීති පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය.

colombotoday

මොණරාගල භික්‍ෂූන් වහන්සේලා 45ක් ස්වයං නිරෝධායනයට

colombotoday

විදුලි මාෆියාව ක්‍රියාත්මක කරන්නේ දියවන්නාවෙන්. වගකීමෙන් කියනවා – ඩලස්

colombotoday

තෙල් මිල සූත්තරෙන් පාසල් සේවා බස් ගාස්තුවත් නගී….

colombotoday