පුත්තලම සිට කොළඹ ගාල්ල හරහා මඩකලපුව දක්වා මුහුදු ප්‍ර දේශය අද 21 පස්වරු 2 සිට 24 දා පෙව 8 දක්වා කාළයේදී මුහුදු රළ මීටර් 2.5 ත් 3.5ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් මුහුදු රළ සුළු වශයෙන් ගොඩ බිමට පැමිණීමේ හැකියාවක්ද පවතින බවත් ධිවර හා වෙරළබඩ ජනතාව මේ පිළිබදව අවධානයෙන් කටයුතු කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරම්න් සදහන් කරයි.
මේ අතර බේරුවල ප්‍රදීපාගාරය පිහිටි දූපතෙහි විනෝදවීම සඳහා පැමිණි පිරිසකගෙන් එකම පවුලේ සහෝදරියත්, සහෝදරයත් රළ පහරට හසුවීමෙන් දියේ ගිලී මියගොස් ඇතැයි බේරුවල පොලීසිය කියයි.