Colombo Today Local News

20 සිට ත්‍රීරෝද රථ සඳහා ටිකට්පතක්

ත්‍රීරෝද රථ සඳහා බිල්පතක් මගියාට නිකුත් කළ හැකිවන සේ මීටරයක් සවිකළයුතු බවට පැනවූ නීතිය අප්‍රේල් මස 20 වන දින සිට බලාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පැවසීය.

ත්‍රීරෝද රථ සේවාව වඩා ගුණාත්මක කිරීමේ අරමුණින් මෙම නීතිය ගෙන ආ නමුත් වෙළද පලේ අදාළ බිල්පත් ලබාදිය හැකි මීටර සුලබ වනතුරු මාස 6 යක කාලයක් නීතිය ක්‍රියාත්මක නොකර සහන කාලයක් ලබාදුන් බවත් එයද අප්‍රේල් මස 01 දින අවසන් වූ බව පැවසු සභාපති වරයා අප්‍රේල් 20 වන දින සිට නීතිය බලාත්මක කරන බව පැවසීය.

ත්‍රීරෝද රථවල ගමන් ගන්නා මගීන්ගේ පැමිණිලි සලකා බලා මෙම තීන්දුව ගත්බව වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පැවසීය.

Related posts

ඉන්ධන මිල ඉහළනැංවීමට යෝජනාවක්

colombotoday

කුඩු තොගයට බදුර්දීන්ගේ නම පැටළේ.. මල්ලිත් එක්ක සෙට් වෙලා රටට කුඩු අදින හැටි මෙන්න !

colombotoday

සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලක ගින්නක්

colombotoday

එජාපය සජිත්වාදීන් පන්නයි

colombotoday

බදු නොගෙවා බියර් ආනයනයට “ලයන් බියර්“ සමාගමට අවසර

colombotoday

“හදිසි නීතිය පැනවීම ගැන එකඟ වන්නේ නැහැ”

colombotoday