Colombo Today Local News

මහින්දානන්දගේ පෙත්සම විසිවෙයි… ඕනෑම වෙලාවක අත්අඩංගුවට ගත හැකියි !

 තමාව අත්අඩංගුවට ගැනීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය දරන උත්සහය වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගොනුකර තිබූ පෙත්සම අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප කළේ ය.

යම් කිසි චෝදනාවක් සම්බන්ධයෙන් විමර්ශනය සිදු කිරීමෙන් අනතුරුව එම චෝදනාවට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වන ඕනෑම සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේ බලය, ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 32 වන වගන්තිය අනුව පොලීසියට හෝ විමර්ශන නිලධාරීන්ට බලය ඇති බවත්, පෙත්සම්කාර මන්ත්‍රීවරයා කළ ඉල්ලීම කිසිදු නීතිමය පදනමක් නොමැති බවත් පෙන්වා දුන් අභියාචනාධිකරණ සභාපති විනිසුරු පී. පද්මන්සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල එම නියෝගය කළේ ය.

පාසල් හා ක්‍රීඩා සමාජ අතර බෙදා දීම සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් කෝටි 5 කට අධික මුදලක් වැයකොට ලංකා සතොස හරහා තීරුබදු රහිතව ආනයනය කළ කැරම් හා දාම් ක්‍රීඩා උපකරණ තොගයක් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන කටයුතු සඳහා යොදා ගත්තේ යැයි චෝදනා කරමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තමාව අත්අඩංගුවට ගැනීමට සූදානම් බව පෙත්සම්කාර මන්ත්‍රීවරයා අභියාචනාධිකරණයට පෙන්වා දී තිබිණි.

Related posts

ආන්දෝලනයට තුඩුදුන් ඉන්දියාවේ සිට පැමිණි පිරිස ගැන හමුදාපති කරුණු හෙළිකරයි

colombotoday

අමානුෂික මුස්ලිම් විවාහ නීතිය සංශෝධනයට නිර්දේශ ඉදිරිපත් කෙරේ

colombotoday

හරක් කටාගේ ටෙලිෆෝන් බැලුවොත් පොලිසියේ රාජකාරි මට්ටම පෙනෙයි

Admin

ජනතාව වෙනුවෙන් කමල් පාර්ලිමේන්තු එන්න සූදානම්

Admin

“වැට් බද්ද වැඩි කළොත් බස් ගාස්තුවත් නග්ගනවා” – ගැමුණු විජේරත්න

colombotoday

මුස්ලිම් කියා වෙනම නීතියක් එපා.. අවසානයේ වෙනම රටකුත් දෙන්න වෙයි – මුසම්මිල්

colombotoday