Colombo Today Local News

උඩුවේ ධම්මාලෝක හිමි නිදහස් කරනවාද? නැද්ද? – තීරණය කල් යයි

බලපත්‍රයක් නොමැති අලි පැටවෙකු සන්තකයේ තබා ගත් බවට චෝදනා ලැබ සිටින උඩුවේ ධම්මාලෝක හිමියන් විත්තිවාචකයක් කැඳවීමකින් තොරව නිදහස් කරන්නේද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ලබන මැයි 11 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා ඊයේ (06 දා) දැනුම් දුන්නේය.

ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් කිරීමෙන් අනතුරුව ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් විනිසුරුවරයා එලෙස දැනුම් දුන්නේය.

බලපත්‍රයක් නොමැති අලි පැටවෙකු කිරුළපන ඇලන්මැතිනියාරාම විහාරස්ථානයේ තබා ගත් බවට චෝදනා කරමින් නිතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණි.

එම නඩුවේදී පැමිණිල්ල වෙනුවෙන් හිටපු වන ජීවි නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ඇතුළු 13 දෙනෙක් සාක්ෂි ලබා දුන්හ.

එම සාක්කි කැඳවීමෙන් අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නිතිඥ ජනක බණ්ඩාර මහතා කරුණු ඉදිරිපත් කරමින් පැමිණිල්ලේ සාක්කි විභාගය මින් අවසන් කරන බව දැනුම් දුන්නේය. ඒ අවස්ථාවේදී විත්තිකාර ස්වාමීන් වහන්සේ වෙනුවෙන් සාක්කි කැඳවීමකින් තොරව උන් වහන්සේ නිදහස් කරන්නැයි අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වගන්තිය යටතේ නීතීඥවරු අධිකරණයෙන් ඉල්ලීමක් කළහ.

එම ඉල්ලීම සලකා බැලූ විනිසුරුවරයා මේ පිළිබඳ තීන්දුව ලබන මැයි 11 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය.

Related posts

බොරලැස්ගමුවේදී කුඩු සමග කතක් අත්අඩංගුවට

colombotoday

පාර්ලිමේන්තුවේ පිරිත නවත්වන්න. පිරිතක් තියලා පෝලිම් ප්‍රශ්නයට විසඳුම් දෙන්න පුලුවන්ද?

colombotoday

මනු කියවන්නන්ගේ සේවය තාවකාලිකව නතර කරන්නැයි ඉල්ලයි

colombotoday

ඉෂාලිනිගේ දේහය ගොඩගෙන දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සදහා පේරාදෙණිය රෝහල වෙත රැගෙන යන ලෙස අධිකරණයෙන් නියෝග

colombotoday

යුද අපරාධ ලැයිස්තුවේ නම් 48ක් තිබූ බව ඇමැති රාජිත පිළිගනී.

colombotoday

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටකල පිරිසට වැඩවරදී

Admin