Colombo Today Local News

අගමැතිට ද්‍රෝහී වූ ශ්‍රීලනිප හය දෙනා වහා ආණ්ඩුවෙන් පන්නන්න – එජාප 33ක් අගමැතිට ලියයි

විශ්වාසභංගයේදී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඡන්දය භාවිතා කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරු හය දෙනෙකු වහාම ආණ්ඩුවෙන් ඉවත් කිරීමට කටුයුතු කරන්නැයි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ලිපියක් මඟින් දැනුම්දී තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 33 කගේ අත්සන් සහිතව අදාළ ලිපිය ඊයේ (04) අග්‍රාමාත්‍යවරයා වෙත ලබාදී ඇති අතර එහි පිටපතක් ජනාධිපතිවරයා වෙතද යොමුකර ඇත.

අදාළ ලිපියේ සඳහන් ආකාරයට මෙසේ ආණ්ඩුවෙන් ඉවත්කරන ලෙස නම් කර තිබෙන්නේ,

එස්.බී. දිසානායක – සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය
ඩබ්ලිව්.ඩී.ජේ.සෙනවිරත්න – කම්කරු, වෘත්තීය සමිති සබඳතා හා සබරගමු සංවර්ධන
අනුර ප්‍රියදර්ශන යාපා – ආපදා කළමනාකරණ
සුසිල් ප්‍රේමජයන්ත – විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ
චන්දිම වීරක්කොඩි – නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු
දයාසිරි ජයසේකර – ක්‍රීඩා
යන කැබිනට් අමාත්‍යවරුන්ය.

ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව විවේචනය කරන මේ කැබිනට් අමාත්‍යවරුන් පිරිස ඉදිරියටත් ආණ්ඩුවේ තබා ගැනීම 2015 දී ලබාගත් ජනමතයට දැඩි බලපෑමක් බවත් එහෙයින් ජනතා මතයට පිටුපා ඇති ඔවුන් තවදුරටත් ඇමතිවරු ලෙස සිටිනවාට තමන් දැඩිව විරුද්ධ බවද එම ලිපියේ සඳහන් කර ඇත.

පහත ඇත්තේ එම ලිපියයි.

Related posts

අත්අඩංගුවට ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් බැඳුම්කරයක් මත මුදාහරී

colombotoday

නව රේගු අධ්‍යක්ෂ ෂෙමාල් ප්‍රනාන්දු රණවිරුවන්ට එරෙහිව ඩයස්පෝරා කුමන්ත්‍රණ ඉටුකළ අයෙක්

colombotoday

අම්පාරේ හර්තාල් මැද ලංගම බස්රථ හතරකට පහර දෙයි

colombotoday

ප්‍රමිතියෙන් තොර දඟර කම්බි සොයා වැටලීම් අරඹයි

colombotoday

මිලියන 43ක රත්තරන් කම්බි රේගු භාරයට

Admin

මං විහිළු කරන්නේ ජනතාවගේ බඩගින්න නැති කරන්න- සජිත්

colombotoday