Colombo Today Local News

රෑ 9.00ට එන විශ්වාසභංග ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය මෙන්න !

මේ වන විට විවාදයට ගැනෙමින් පවතින අගමැතිවරයා එරෙහි විශ්වාසභංගයේදී ඡන්දය භාවිතා කිරීම පිළිබදව ශ්‍රීලනිප ඇමතිවරුන් අතර දැඩි මතගැටුමක් ඇතිව තිබෙන බව වර්තා වේ.

අගමැතිවරයාට එරෙහිව ඡන්දය භාවිත කර ඇමතිකම් නැතිකර ගැනීම බැරියැයි යන මතයේ පිරිසක් සිටින අතර තවත් පිරිසක්, අගමැතිවරයා පරාජය කළ යුතුය යන දැඩි ස්ථාවරයේ පසුවේ.

මේ තත්ත්වය හමුවේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට තම තමන්ට කැමති ලෙස ස්වාධීන තීරණයක් ගන්නැයි ජනාධිපතිවරයා දන්වා ඇතැයි ශ්‍රීලනිප ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා ඇතුළු කිහිප දෙනෙකු අගමැතිවරයාට එරෙහිව ඡන්දය භාවිතා කරනු ඇති බවත්, තවත් පිරිසක් ඡන්දය භාවිතා නොකර සිටිනු ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

මෙම තත්ත්වය මත විශ්වාශභංග යෝජනාව අගමැතිවරයාට ලෙහෙසියෙන් ජයග්‍රහණය කලහැකි වාතාවරණයක් නිර්මාණය වෙමින් පවතින බවට වාර්තා වන්නේ.

Related posts

පශ්චාත් මැතිවරණ සමය සාමකාමි බව කැෆේ සංවිධානය කියයි

colombotoday

“රණවිරුවන් 6500කගේ පවුල්වල වගකීම රාජිත බාරගත යුතුයි…” – ඇවන්ගාඩ් සභාපති

colombotoday

ඉන්දියාවෙන්, ඉන්දුනීසියාවෙන් ගෙනා සහනාධාර හාල් කිලෝ පන්ලක්ෂ හැට දෙදාහක් ආ ගිය අතක් නෑ

colombotoday

විද්‍යා දැරිය ඝාතන සැකකරු නිදහස් කරන්න බලපෑම් කර ඇත්තේ විජයකලා !

colombotoday

අන්තරේ කැඳවුම්කරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday

පාස්පෝට් කාර්යාලයට විරුද්ධව මානව හිමිකම් යයි

Admin