හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද කරමින් සිටින්නේ එදා ප්රභාකරන් කළ දේම යැයි ඇමති ගාමිණී විජියමුණි සොයිසා මහතා පවසයි.
ප්රභාකරන් තමන් හා තම පවුල ආරක්ෂා කර ගැනීම සදහා අවසානයේ මිනිස් පළිහක් යොදාගත් ආකාරයටම හිටපු ජනාධිපතිවරයාද දූෂණ වංචා ආරක්ෂා කර ගැනීම සදහා මිනිස් දම්වැලක් යොදාගනිමින් සිටින බව ඇමතිවරයා පවසයි.
ඔහු මෙම අදහස් පළකළේ සිය අමාත්‍යාංශයේ පැවති මාධය හමුවක් අමතමිනි