Colombo Today Local News

ශිවාජිලිංගම් සහ විග්නේෂ්වරන් ජාතිවාදය අවුස්සනවා – ශාන්ත බණ්ඩාර

සහජීවනය  සමාජ සාධාරණත්වය ඇති  සැමට නීතිය ක්‍රියාත්මක වන රටක් නිර්මාණය කිරීම කාගේත් බලාපොරොත්තුව වුවත් උතුරු පළාත් සභා මන්ත්‍රී ශිවාජිලිංගම් මහතා මෙන්ම උතුරු පළාත් මහ ඇමතිවරයා ද තමන්ගේ ඡන්ද වැඩිකරගැනීමේ අරමුණෙන් ජාතිවාදය අවුස්සමින් සිටින බව ශාන්ත බණ්ඩාර මහතා පවසයි. බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද    පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

රටේ තවත් ප්‍රශ්න ඇති නොකර රටේ සාමය ආරක්ෂා කරගැනීම සඳහා දකුණේ නායකයින්ට ඇති වගකීම උතුරේ නායකයින්ටත් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි.
උතුරු පළාතේ ජනතාවගේ ප්‍රශ්න විසඳමින් එම ජනතාවට සංවර්ධනය ලබාදීමට කටයුතු නොකර අලූ යට ඇති ගිනි පුපුරු පිටතට ගැනීමට ඔවුන් දරණ උත්සාහය හෙළා දකින බව ද ශාන්ත බණ්ඩාර මහතා කියා සිටියේය.

Related posts

ජෛව පොහොර ගැන ලංකාවෙි ප්‍රමිති කාර්්‍යංශය තවම ප්‍රමිතියක් හදා නැහැ

colombotoday

නාමල්ගේ අමාත්‍යාංශය ජීවන් තොන්ඩමන්ට. – ලංකා කම්කරු කොන්ග්‍රසය යලිත් රජයට ?

colombotoday

අන්තරේ කැදවුම්කරුට ඇප

Admin

තෙල් නෑ ! හිටපු ජනපති පාපැදියෙන් පාර්ලිමේන්තු එයි (Photo)

colombotoday

බූස්ටර් ජංගම එන්නත්කරණ වැඩසටහන අද සිට

colombotoday

මහින්ද, හමුදාවට එරෙහි ජිනීවා යෝජනා ඉවත දමයි !

colombotoday