අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු එජාප ප්‍රබලයන් කිහිප දෙනෙකු අතර සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ නිවසේදී සිදුව ඇත.
එය සහභාගී වීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා ඇත්තේ පක්ෂය තුළ සැළකිය යුතු ප්රතිසංවිධානයක් හෝ නායකත්වයේ වෙනසක් නොවන බවට අනාවරණය වූ බවයි.
04 වනදාට කලින් එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ ප්රතිසංවිධානයක් නොවුනහොත්, අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයේදී එජාපයේ 27 දෙනෙකු අගමැතිවරයාට එරෙහිව කටයුතු කිරීමට සූදානම් සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා මීට පෙර ප්‍රකාශ කර තිබිණි.