Colombo Today Local News

මුලතිව් දිස්ත්‍රික්කයට සිංහලයන් එපා.. පදිංචිකිරීම් නවතනු – උතුරේ සංවිධාන විරෝධතා..

උතුරු පළාතේ මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ සිංහල ජනාවාස ඉදිකිරීමට විරෝධය පළකරමින් උතුරේ ස්‌වෙච්ඡා සංවිධාන කීපයක්‌ 30දා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වී තිබේ.

යාපනයේ කයිතඩි ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතාගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත පිරිස අනතුරුව ප්‍රධාන අමාත්‍යවරයාට ලිපියක්‌ද භාරදී තිබෙන බව වාර්තා වේ.

එම ලිපියෙන් ඉල්ලා ඇත්තේ මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ මායාපුර නමින් අලුතින් සිංහල වැසියන් පදිංචි කෙරෙන ජනාවාසයද නායාරු, කෝකිලායි, බෝගස්‌වැව යන ප්‍රදේශවල දකුණේ සිංහල වැසියන් රැගෙන විත් පදිංචි කරවීමද වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙසයි.

මෙලිසින් මුලතිවු දිස්ත්‍රික්කයේ පදිංචි කෙරෙන්නේ මින් පෙර උතුරු පදිංචිව නොසිටි සිංහල වැසියන් බවයි විරෝධතාකරුවන් පවසන්නේ.  මෙය හුදෙක්‌ම උතුරේ සිංහල දේශපාලන බලය වැඩි කරගැනීම පිණිස ගෙන යන දේශපාලනික වැඩපිළිවෙළක්‌ බවද ඔවුන් විසින් මහ ඇමතිට භාර දුන් ලිපියේ සඳහන් කොට තිබේ.

මේ සිංහල ජනාවාස ඇති කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කෙරෙන යෝජනාවක්‌ උතුරු පළාත් සභාවේද සම්මත වී ඇති බැවින් මුලතිව් දිස්‌ත්‍රික්‌කය ඇතුළුව උතුරේ සිංහල වැසියන් බලහත්කාරයෙන් පදිංචි කරවීම වහාම නතර කරන ලෙස ඉල්ලා තිබේ.

 

Related posts

කැබිනට් ඇමැතිකමක් සමග ඩලස් ආණ්ඩුවට?

colombotoday

අසාද් සාලිට විරෝධය පා ප්‍රාදේශීය සභා සභාපතිවරු රැස්වීමෙන් පිටව යයි

colombotoday

පළාත් පාලන ආයතන සභිකයින්ගේ ධුර කාලය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

“මගේ ඡන්දයත් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුටයි.. හදවතින්ම ඔහුට ස්තූතියි” – ආරක්ෂක රාජ්‍ය ඇමති

colombotoday

අයවැය ප්‍රකාශය : ජාතික සම්පත් යනු ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි නොවේ.

Admin

පාස්කු ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිසමේදී තවත් අනාවරණයක්

colombotoday