ArticlesColombo Today Local News

සංහිදියාවාදීන්ට නොපෙනෙන රටවල් දෙකක් ඉල්ලන විග්නේශ්වරන්ගේ ජාතිවාදය

vigneshvaran26
මෙරට බහුතරය සිංහල අවුරුදු සමයේ නිවාඩුව ගත කරන අවස්‌ථාවේ උතුරේ දේශපාලකයෝ ඉතා සූක්‍ෂම ලෙස තම දේශපාලන ඉලක්‌ක වෙත යැමේ වැඩපිළිවෙළ අරඹා ඇත. එහෙත් බහුතරය සිදුවන්නේ කුමක්‌දැයි නොදනී. කොළඹ කුරුඳුවත්තේ සිට යාපනයට ගිය සී. වී. විග්නේශ්වරන් ශ්‍රී ලංකාව කැබලි කීපයකට කැඩීමේ මෙහෙයුම දියත් කර තිබේ. ඔහු යෝජනා කර ඇති මෙහෙයුම මෙලෙස දැක්‌විය හැකියි.

උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර එක්‌ රාජ්‍යයක්‌ ස්‌ථාපිත කළ යුතුයි. ඉතිරි පළාත් හත ඒකාබද්ධ කර තවත් රාජ්‍යයක්‌ පිහිටුවිය යුතුය. එසේම නැගෙනහිර මුස්‌ලිම් බහුතරය සඳහා ප්‍රාන්ත කලාපයක්‌ද (Autonomous Region) ඊට සමගාමී වී වතුකරය සඳහා ද එවැනිම කලාපයක්‌ ආරම්භ කළ යුතු බව විග්නේශ්වරන් කියා සිටී. මේ හැර උතුරු නැගෙනහිරට වෙනම පාර්ලිමේන්තුවක්‌ ද උතුරු නැගෙනහිර සියලුම පරිපාලන කටයුතු ද්‍රවිඩ භාෂාවෙන් සිදු කළ යුතු වේ. මේ හැර ප්‍රාන්ත ආණ්‌ඩුවලට පොලිස්‌ බලතල ද ලබාදීමටද ක්‍රියා කළ යුතු අතර ත්‍රස්‌ත මර්දන පනත මුළුමනින්ම අහෝසි කළ යුතුය.

වසර කීපයකට පෙර ප්‍රභාකරන් අන්තර්වාර පාලනය මගින් වෙනම රටක්‌ ලබාගැනීමට උත්සාහ කළේය. දැන් ඊට සමාන ක්‍රියාදාමයක්‌ දියත් කර ඇත්තේ කුරුඳුවත්තේ සිට යාපනයට ගිය විග්නේශ්වරන් ය.

ශ්‍රී ලංකා හමුදාව ජාති සංහාරයක්‌ සිදු කළ බව කියමින් යෝජනාවක්‌ සම්මත කළේද විග්නේශ්වරන් ය.

උතුරේ සිටින්නේ උතුර අල්ලාගත් හමුදාවක්‌ බව පැවසුවේද විග්නේශ්වරන් ය. උතුරේÊහමුදාව කාණු ශුද්ධ කිරීමට යෙදවිය යුතු බවද වරක්‌ ඔහු පළ කළේය. උතුරෙන් හමුදාව යා යුතු බව ද හෙතෙම කියා සිටියේය. මේ පසුබිම මැද ඔහු කොළඹට එක්‌ පාර්ලිමේන්තුවක්‌ හා උතුරට තවත් පාර්ලිමේන්තුවක්‌ ඉල්ලා සිටී. එපමණක්‌ ද නොවේ විග්නේශ්වරන්ගේ බෙදුම්වාදය නැගෙනහිර හරහා වතුකරයටද ව්‍යාප්ත වී ඇත. එය වතු කරයේ ජනතාව තුළ ගිනි ඇවිලවීමකි. රටවල් දෙකක්‌ ඉල්ලා (Two States) විග්නේශ්වරන් මෙරට දේශපාලනය ගැන තීරණය කිරීමට කවුරුන්a යෑයි සිතන්නේද? ඔහුගේ මෙම බෙදුම්වාදී සංකල්පය ගැන විදෙස්‌ අරමුදල් ලබන රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු නිහඬ වී ඇත. එහෙත් ඡන්ද 100 ක්‌වත් ගැනීමට නොහැකි දේශපාලන පාර්ශ්වයක්‌ උතුරට පොලිස්‌ බලතල ලබා දිය යුතු බව පවසා තිබේ.

මේ තත්ත්වය මැද විග්නේශ්වරන් රජයට කියන්නේ මට බන්දේසියක තබා උතුරු නැගෙනහිර රට ලබාදෙනු යන්නයි.

යාපනය අර්ධද්වීපය කොටි ත්‍රස්‌තවාදයෙන් මුදා ගැනීමට සෙබළුන් හා නිලධාරීන් 460 කට අධික පිරිසක්‌ දිවි පිදූහ. වන්නි මෙහෙයමින් සෙබළු හා නිලධාරීහු 6000 කට අධික පිsරිසක්‌ ද දිවි පුදනු ලැබූහ.

මේ පසුබිම මැද විග්නේශ්වරන් රජයට කියන්නේ මෙම ගෞරවනීය මළවුන් පාවාදී මට වෙනම රටක්‌ දෙනු යන්නයි.

විග්නේශ්වරන්ලාට උතුරට නිදහසේ යැමට ඉඩ ලැබුණේ අපේ සෙබළු කළ දිවි පිදීම නිසාය. එහෙත් මෙරට හමුදාවට අවමන් කරමින් විග්නේශ්වරන් රාජ්‍යයන් දෙකක්‌ ඉල්ලන්නේ මෙරට බහුතරය නිවටයන් ලෙස සිතමිනි.

මෙරට දේශපාලනය පමණක්‌ නොව ආරක්‍ෂාව ගැන තීන්දු ගැනීමට ද ඔහු ඉදිරිපත් වී ඇත. වසර ගණනකට පෙර වර්ධරාජා පෙරුමාල් ඊළම් රාජ්‍යයක්‌ ප්‍රකාශයට පත් කළේය. වර්ධරාජා යළිත් වරක්‌ මෙරටට පැමිණ උතුරේ ගිනි ඇවිලවීමේ යෙදී සිටි ඉන්දීය පුරවැසියකු වූ වර්ධරාජා පෙරුමාල් උතුරේ නීති විරෝධී ක්‍රියාවල යෙදෙන අතර ආගමන විගමන බලධාරීන් ඔහුට එරෙහිව මෙතෙක්‌ කිසිදු පියවරක්‌ ගෙන නැත.

මේ පසුබිම මැද තමිල්නාඩුවේ කොටි හිතවාදියකු වූ අග්නි සුබ්‍රමනියම් ශ්‍රී ලංකාවට පැමිණ විග්නේශ්වරන් සමග රහස්‌ සාකච්ඡාවක නිරත වී තිබිණි. එය සනාථ වන්නේ විග්නේශ්වරන් ඇතුළු ද්‍රවිඩ සංධානය සංහිදියා ක්‍රියාමාර්ගයට මුවාවී සිය ඉල්ලීම් බන්දේසියක තබා ලබා ගැනීමට දරන උත්සාහයකි.

විලියම් ශේක්‌ස්‌පියර්ගේ ග්‍රන්ථයක එන ෂයිලොක්‌ නම් වූ යුදෙව්වා මස්‌ රාත්තලම ඉල්ලූ ආකාරයට විග්නේශ්වරන් ද ත්‍රස්‌තවාදයෙන් මුදාගත් රට කැබලි කිරීමට සූදානම් වී ඇත.

ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ කළ යුතු යෑයි හඬනඟන විග්නේශ්වරන් ප්‍රමුඛ ද්‍රවිඩ සංධානය උතුරට වෙනම පාර්ලිමේන්තුවක්‌ ඉල්ලීම යනු බෙදුම්වාදය නොවේද?

එසේම ශ්‍රී ලංකා පොලිස්‌ දෙපාර්තමේන්තුව කැබලි කීපයකට කැඩීමටද විග්නේශ්වරන් උත්සාහ කරයි.

පොලිස්‌ දෙපාර්තමේන්තුව කැබලි කිරීම යනු බෙදුම්වාදී සංකල්පයේ තවත් අරමුණකි. අපි මේ තොරතුරු හෙළි කරන විට වඩාත් උරණ වී ඇත්තේ විදෙස්‌ අරමුදල් මත යෑපෙන රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ය. එහෙත් විග්නේශ්වරන්ලාගේ මේ උග්‍ර ජාතිවාදය ගැන ඔවුහු නිහඬවී සිටී.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

පියා දුන් දඬුවමට හිත රිදුණු දියණිය සියදිවි නසා ගෙන

Admin

හමුදාවේ ප්‍රධානියා ලබන 27 CID ට කැදවයි…

colombotoday

සහල් ආනයනය නොකිරීමට රජය තීරණය කරයි !

colombotoday

වන සංහාරයට එරෙහි වූ පරිසරවේදීන්ට එරෙහිව ඇමති රිෂාඩ් බදුර්දීන් පොලිසි යයි

colombotoday

දින 3කින් නිවසටම විදේශ ගමන් බලපත්‍රය ගෙන්වා ගන්න අයදුම් කිරීමේ නව ක්‍රමවේදයක්

Admin

ඇමති වසන්ත දැන් පදින්නේ ලෑන්ඩ් රෝවර් එකක්

Admin