Colombo Today Local News

“වෙසක් පොහොයෙන් අපට වැඩක් නෑ…..” – “පුවත සදාචාරාත්මක නෑ… එහෙම කීවෙ නෑ” – පෙරටුගාමී පක්ෂය

ජාත්‍යන්තර කම්කරු දිනය සැමරුම කල් දැමීමට රජය ගෙන ඇති තීරණය පිළිබදව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා විසින් මාධ්‍ය හමුවකදී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් Colombotoday පලකළ පුවතකට අදාලව එම පක්ෂය විසින් අප වෙත ඉල්ලීමක් යොමුකර තිබෙනවා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මාධ්‍ය ඒකකය වෙනුවෙන් චන්දන සිරිමල්වත්ත මහතා විසින් අප වෙත යොමුකර ඇති එම ඉල්ලීම පහත දැක්වේ.

“අප පක්ෂය විසින් මාර්තු 28 වැනිදා පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කළ බවට වැරදි තොරතුරු ඔබ වෙබ් අඩවියේ පළ කර ඇත.
විශේෂයෙන් “වෙසක් පොහොයෙන් අපට වැඩක් නෑ.. කම්කරු දිනය කල් නොදමනු – පෙරටුගාමීන්ට මළපනී, අරගලයකට සැරසෙයි“ වැනි සිරස්තලයකින් අප පක්ෂය ප්‍රකාශ කළ අදහස් විකෘතිකර පළ කිරීම කිසිසේත්ම සදාචාරාත්මක නැත. ඔබ විසින් අප පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයාගේ ප්‍රකාශය උපුටාගෙන පළ කළ පුවතේද එසේ අප විසින් ප්‍රකාශ කළ බවක් දක්නට නොමැත. ඒ නිසා මෙම වරද වහාම නිවැරදි කරන ලෙස කාරුණිකව ඉල්ලමි”

චන්දන සිරිමල්වත්ත, මාධ්‍ය ඒකකය

පෙරටුගාමී සමාජවාදී පක්ෂය

අප විසින් පලකල එම ප්‍රවෘත්තියේ පුවත් ශීර්ෂය ලෙස යොදාගෙන ඇත්තේ පුබුදු ජයගොඩ මහතා විසින් කරන ලද ප්‍රකාශයෙන් ගම්‍ය වන සංෂිප්ත අදහසක් පමණක් වන අතර, අදාළ පුවත් ශීර්ෂය පුබුදු ජයගොඩ මහතා විසින් කරල ලද ප්‍රකාශයක උපුටනයක් ලෙස සදහන් කර නොමැත.  අදාළ පුවතෙහි පුබුදු ජයගොඩ මහතා විසින් මාධ්‍ය සාකච්ඡාවේදී කල ප්‍රකාශය එලෙසින්ම උපුටාගෙන පලකර ඇති අතර, කරුණු විකෘති කිරීමක් සිදුකර නොමැති බවද වගකීමෙන් සදහන් කළ යුතුය.

ප්‍රවෘත්ති සංස්කාරක
කලම්බු ටුඩේ

 

 

Related posts

සුසාන භූමිය සුද්ද කරන්න ගිය 14කට බඹර ප්‍රහාරයක්

Admin

මැලේසියාවේ සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

colombotoday

නීති විරෝධී අයුරින්, මන්ත්‍රී චොකා මල්ලිගේ බලතල පාවිච්චි කරන දියණිය.

colombotoday

විමල්ගේ බිරිඳගෙන් CID යට පැමිණිල්ලක්

colombotoday

ව්‍යවස්ථාව උල්ලංගණය වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

colombotoday

මෙරටින් පැහැරගෙන ගිය පුරා වස්තු යළි දෙන්නැයි බ්‍රිතාන්‍යයෙන් ඉල්ලයි

colombotoday