Colombo Today Local News

ඥානසාර හිමිව මරාගන මැරෙනවා – අසාද් සාලි කියයි

බොදු බල සේනා මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි මුහම්මද් නබිට විරුද්ධව එකදු හෝ ප්‍රකාශයක් කළහොත් මරගන මැරෙන්න තමා සුදානම් බව හිටපු පළාත්සභා මන්ත්‍රී අසාද් සාලි පවසනවා.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා පොරොන්දුවූ පරිදි ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන නිදහසේ ඉස්ලාම් ආගම පැතිරවීමට තමන්ට අවස්ථාව ලබාදෙන ලෙසද අසාද් සාලි හිටපු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක්ද ඉදිරිපත් කර සිටියා.

මැයි මස 23 වනදා සිට මහියංගනය ප්‍රදේශයේ අතිවිතිබෙන නොසන්සුන්තාවය අතරතුර මහියංගනය පොලිසිය එකපර්ශවිය කටයුතු කිරීමට විරෝධය දක්වමින් ප්‍රදේශයේ මහා සංඝරත්නය පැවැත්වූ උත්ඝෝෂණයක් අතරතුර එම ස්ථානයට වැඩමකරන පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සිදු කල ප්‍රකාශයකට විරුද්ධව මුස්ලිම් කවුන්සිලය නමැති සංවිධානයක් පොලිස්පතිවරයා වෙත පැමිණිලි කළා.

ඒ පිලිබදව colombotoday.com සිදුකල විමසීමකදී අදහස් දැක්වූ ඥානසාර හිමි අවධාරණය කර සිටියේ පොලිස්පතිවරයාට විතරක් නෙවෙයි අල්ලා දෙවියන්ටත් පැමිණිල්ලේ කොපියක් යවන්නලෙසයි. එම පුවත පහතින්…….

 

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් මුස්ලිම් ජාතීන්ට එරෙහිව වෛරීය ප්‍රකාශ සිදුකළායැයි පවසමින් ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය ‍පොලිස්පතිවරයාට ලිපියක් මගින් පැමිණිලි කර තිබේ.
ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති BBC ශ්‍රී ලංකා ප්‍රධානියකුගේ පියා වන එන්.එම් අමීන් ගේ අත්සනින් යුතුව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට යොමු කළ ලිපියේ දැක්වෙන්නේ ඉකුත් ජූනි 25 වන දින මහියංගණය ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ඥානසාර හිමියන් විසින් මෙලෙස වෛරීය ප්‍රකාශ සිදුකර ඇති බවයි.

මේ පිලිබදව ColomboToday.com සිදුකල විමසීමකදී අදහස් දැක්වූ ඥානසාර හිමි, පොලිස්පතිවරයා වෙත යැවූ ලිපියෙන් කොපියක් මොහොමඩ් හරහා අල්ලාහ් වෙතත් යවන ලෙස මුස්ලිම් කවුන්සිලයට ප්‍රකාශ කරන බව සදහන් කර සිටියා. මේ රටේ හාමුදුරුවරුන්ට සංහිදියාව උගන්නන්න මුස්ලිම් මිනිස්සුන්ට අයිතියක් නොමැති බව සදහන් කල උන් වහන්සේ මේ රටේ මුතුන් මුත්තන්ගේ ලෙයින් ගොඩනැගුනු රට මංකොල්ල කෑමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව අවධාරණය කර සිටියා.

Related posts

ගාලු මුවදොර අරගලය සාමය බිඳවැටීමකට හා මහජන ආරක්‍ෂාවට තර්ජනයක් – කොටුව පොලිසියෙන් අධිකරණයට වාර්තාවක්

colombotoday

ගුවන්තොටුපොළ සේවකයන්ගේ බෝනස් එකටත් තට්ටු වෙන හැඩ. ගෙවන්න ආණ්ඩුවේ සල්ලි නැතිලු

colombotoday

සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරු SF ලොකූ අත්අඩංගුවට !

colombotoday

වල්සපුගල ගොවින් දෙවන දිනටත් උපවාසයේ

colombotoday

Video: මට කිවුවා තමන්ගේ ආසනය බලාගෙන ඉන්න කියලා. පක්ෂය පැරදුනාට මගේ ආසනය ඉහලින්ම දිනුවා

colombotoday

යහපාලන ඇමතිලාට එරෙහි දූෂණ විමර්ශන එක තැන නවතී.. ඉහලින් බලපෑම් !

colombotoday