Colombo Today Local News

ඇස්ට්‍රාසෙනිකා නැති වුනොත් ‘‘ස්පුට්නික් ලයිට් හෝ ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’’ දෙනවා – මාත්‍රාවක් ලබා දීමෙන් නරක බලපෑමක් වෙන්නෑ

ඇස්ට්‍රාසෙනිකා එන්නත ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත් එම එන්නතේ පළමු මාත්‍රාව ගත් අයට ” ස්පුට්නික් ලයිට් “හෝ “ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ” එන්නත ලබාදීමට අවධානය යොමුවී ඇතැයි ශ්‍රී ලංකා ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

එම එන්නත් වර්ග දෙකම එක මාත්‍රාව බැගින් ලබා දෙන කාණ්ඩයේ ඒවා බවත් ඇස්ට්‍රාසෙනිකා එක් මාත්‍රාවක් ගත් අයට මෙම එන්නත්වලින් මාත්‍රාවක් ලබා දීමෙන් නරක බලපෑමක් ඇති නොවන බවත් විශේෂඥ වෛද්‍යවරයා කියයි.

මේ එන්නත් දෙකේ මුල් මාත්‍රාවෙන්ම ප්‍රතිශක්තිය ඇති වනු ඇතැයිද ඔහු සඳහන් කරයි.

මේ අතර මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් මිලදී ගැනීම සඳහා අදාළ සමාගම් සමග ගිවිසුම් ගත වීමේ මුල් අදියරට පැමිණ ඇතැයි විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කියයි.

ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ නමයක් ලබන ජුලි මාසයේදී මෙරටට ලැබෙන බව රාජ්‍ය ඖෂධ සංස්ථාව පවසයි.

Related posts

අම්පිටියේ සුමනරතන හිමිත් අලි සබ්‍රිට එරෙහි වෙයි

colombotoday

කෝටි දෙකකට අධික කේරළ ගංජා තොගයක් මන්නාරමින් අල්ලයි

colombotoday

එජාපයේ තවත් පිරිසක් පිල් මාරු කරයි

colombotoday

අරන්තලාව භික්ෂු ඝාතනය ගැන විධිමත් විමර්ශනයක්. නීතිපති අධිකරණයට දන්වයි. – කරුණට සහ පිල්ලයාන්ටත් චෝදනා

colombotoday

ජනිපෙ නියෝජ්‍ය නායකයාගේ හිත ජනපති මෛත්‍රී ළග නවතී..! නිවසේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්

colombotoday

ඡන්දය ඉල්ලා ඒකාබද්ධය විරෝධයේ.. පොලීසියෙන් කදුළු ගෑස්, ජල ප්‍රහාර !

colombotoday