Colombo Today Local News

ඇමරිකා යන්න ගිය නාමල්ට රුසියාවේදී බාල්දියක්.. ගුවන් යානයට එක්කරගන්න බෑ කියයි..

රුසියාවේ සිට ඇමරිකාව වෙත ගමන් කිරීමට සූදානම්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ඇමරිකාවට ගමන් කිරීමට නොහැකි වී තිබේ.

රුසියාවේ ජනපතිවරණයට ස්වාධීන නිරීක්ෂකයෙක් ලෙස එක්ව සිටි මන්ත්‍රීවරයා රුසියාවේ සිට ඇමෙරිකාව වෙත ගමන් කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඇමෙරිකානු නිලධාරීන්ගේ දැනුම් දීම මත ගුවන් යානා කාර්ය මණ්ඩලය නාමල් රාජපක්ෂ මහතා මොස්කව් සිට හූස්ටන් බලා යන ගුවන් යානයට එක් කරගෙන නොමැත.

එම ගුවන් යානය ඩුබායි හරහා ඇමෙරිකාවට ගමන් කිරීමට නියමිතව තිබණත් ඩුබායි සිට ඇමෙරිකාවට ගමන් කිරීමට මන්ත්‍රිවරයාට අවස්ථාව ලබාදී නොමැත.

කෙසේ වෙතත් මේ සඳහා හේතුව කුමක්දැයි නොදන්නා නමුත් එය තමාගේ නමේ ප්‍රශ්නයක් විය නොහැකි බවත් මන්ත්‍රීවරයා සිය ට්විටර් ගිණුමෙන් පවසයි. ශ්‍රී ලංකාවේ විපක්ෂ මන්ත්‍රීවරයෙක් වීම හෝ තමන් රුසියාවේ සිට ගමන් කිරීම මේ සඳහා හේතුව විය හැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

Related posts

ව්‍යවස්ථා මර උගුලෙන් රට බෙදෙන්නේ මෙහෙමයි – හිටපු ජනපතිගෙන් නිවේදනයක්

colombotoday

පැය දෙකක විශේෂ මෙහෙයුමකින් බීමත් රියදුරන් 188ක් අත්අඩංගුවේ

colombotoday

“සයිටම් දරුවගෙ අප්පච්චී මහින්දයි.. දැන් උප්පැන්නෙ දෙන්න බෑලු“ – අමුණුගම

colombotoday

අපි ඉල්ලන්නෙත් නැතුව ලෝක බැංකුවෙන් සල්ලි දුන්නා

Admin

2024 අයවැය යෝජනා

Admin

නොරොච්චෝලේ හැදුවේ නැත්තම් අද ජනතාව කලුවරේ – මහින්ද

colombotoday