Colombo Today Local News

ඩිෆෙන්ඩර් නඩුවට ගිය හිරුණිකාට ඇප.. විමල්ගේ අයියා යළි රිමාන්ඩ්

hirunika

දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයෙකු පැහැරගෙන යාමේ සිද්ධියකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 9 දෙනෙකුට කොළඹ මහාධිකරණය අද (21) අධිචෝදනා භාර දෙනු ලැබීය.

ලබන වසරේ ජනවාරි මස 10 හා 11 දා නඩුව විභාග කිරීමට අධිකරණය නියෝග කළ අතර, එතෙක් සැකකරුවන් ඇප මත නිදහස් කරනු ලැබීය. සැකකරුවන්ට විදෙස් ගමන් තහනමක්ද පැනවූ අතර නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට චෝදනා 29ක් යටතේ නඩු පවරා තිබේ.

මේ අතර ජනාධිපති කාර්යාලයේ වාහනයක් අවභාවිත කලේ යයි රිමාන්ඞ් කර සිටින සරත් වීරවංශ මහතා මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් එන මස 05වන දින දක්වා නැවත රිමාන්ඞ් කර ඇත.

Related posts

ශ්‍රී ලංකාවට 900 – 1000 Km අතර දුරකින් නව භූ තල මායිමක් නිර්මාණය වීමේ අවදානමක්

Admin

ජනපති සහ චීන ජනපති හමුවෙයි

Admin

දෙමළ සන්ධානය මානව හිමිකම් කවුන්සිලයට යලිත් කේලාම් කියයි

colombotoday

ලංකාව ජාත්‍යන්තර මත්කුඩු ජාවාරමේ ආසියානු කේන්ද්‍රස්ථානය වෙලා – රොයිටර් ලෝකෙටම කියයි

colombotoday

මියන්මාර මුස්ලිම් ජාතිකයන් 32ක් රැගෙන ලංකාවට හොරෙන් ආ බෝට්ටුවක් අල්ලයි

colombotoday

කලා වැවේ දීඝදන්තුට විදුලි සැරවැදෙයි

Admin