Colombo Today Local News

පහරදීමකින් මාදම්පේ උණුසුම් වෙයි – අමතර පොලිස් බලඇණි කැදවයි

පුත්තලම – මාදම්පේ පැරණි නගරයේ ආරක්ෂාව සඳහා අමතර පොලිස් බලඇණියක් කීපයක් කැඳවා ඇති බව මාදම්පේ පොලීසිය පවසා සිටී. ඒ ප්‍රදේශයේ ආරක්ෂා සම්බන්ධයෙන් සැලකිල්ල යොමු කරමින් සිටින බව පොලිසිය කියා සිටි.

ඊයේ (18) සවස මුස්ලිම් ජාතික පුද්ගලයෙකු විසින් වයස අවුරුදු 77 ක් වන අයෙකුට පහර දීමේ සිද්ධියක් හේතුවෙන් නගරය තුළ උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇති බව වාර්තා වේ.

පහර කෑමට ලක්ව ඇති මාදම්පේ – තනියවල්ලභ ගම පදිංචිව සිටි කුරුප්පුආරච්චිලාගේ සෝමපාල යන අය ප්‍රතිකාර සඳහා මාදම්පේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට මාරු කර යවා තිබේ.

පහර දීම සිදු කළ බව කියන 28 හැවිරිදි පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය වන විට ඔහු මත්පැන් පානය කර සිට ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරමින් කියා සිටියි.

Related posts

” හිඟයකින් තොරව විදුලිය සපයන්න හැකියාව ලබාදෙන්න කියලා මම දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටිනවා.”

colombotoday

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සේවාදායකයින්ගේ පැමිණීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

ත්‍රිරෝද රථ ගාස්තුත් ඉහළට… පළමු කිලෝමීටරයට රුපියල් 80ක්

colombotoday

සතියක් තුළ රු. බිලියන 8.8ක බැදුම්කර ආයෝජන අහිමිවෙයි

colombotoday

ජෙරම්ගේ ඇප ඉල්ලීමේ පෙත්සම විභාගය ජනවාරි 4

Admin

භාණ්ඩ හා සේවා අපනයනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 15.1ක්

colombotoday